මීගමුව මහ නගර සභාවේ වහලයක් කඩා වැටේ . 6 ක් රෝහලේ….

0
75

මීගමුව මහ නගර සභාවේ උඩු මහලේ වහලයේ කොටසක් අද උදේ වරුවේ කඩා වැටිම නිසා එහි සේවය කරමින් සිටි පිරිසක් රෝහල් ගත කර ඇත.මීගමුව රෝහල් ආරංචි  මාරග දක්වා සිටින්නේ දැනටමත් සේවකයන් 4 දෙනෙක් රෝහල් ගතකර ඇති බවයි.මෙම අනතුර නිසා එහි පැවැති ගිණුම් සහ සැපයුම් අංශයේ පරිඝණක ඇතුළු ලිපි ගොනුද විනාශ වි ඇතැයි පැවසේ.මේ වහලය හැකි ඉක්මනින් පිලසකර කර දෙන ලෙස අදාල සේවයකයින් ඉල්ලා තිබුනද එය මෙතෙක් ඉටුව තිබුනේ නැත.

ඒ වෙනුවට නගරාධිපති ඇතුළු ආණ්ඩු පක්ෂය උනන්දු වුයේ නගර සභාවේ බාහිර ඔපය විශේෂයෙන්ම නගරාධිපති නිල කාමරයේ කාපට් ඇතිරිමේ සිට අලුත් බඩු භාණ්ඩ ගැනිම පිළිබදවය. මෙයට අදාල ‍ ටෙන්ඩර් ඉල්ලිම් ගණනාවක් ම මේ මස 07 වනදා පැවැති විශේෂ මුදල් කාරක සභාවේදි අනුමත කරගෙන තිබුණි.