මීගමුව මහ රෝහලේ මෘතදේහ වැඩිවීමෙන් අර්බුදකාරී තත්ත්වයක්

0
105

 

මීගමුව රෝහලේ පවතින ධාරිතාවය ඉක්මවා සිදුවන මරණ සංඛ්‍යාව නිසා මේ වනවිට මෘතදේහ වැඩිවීමෙන් දැඩි අර්බුද කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත . රෝහලේ මෘතශරීරාගාරයේ ඉඩකඩ සහ පහසුකම් පිළිබඳව පැවති ගැටළුව පසුගිය කාලය තුළ නිතර සාකච්ඡාවට ලක්වූ කරුණකි .

නව මෘතශරීරාගාරයකට අවශ්‍ය ගොඩනැගිල්ලක් ඉදිවෙමින් පවතින නමුත් , ඒ සඳහා ගත් කාලය විශාල එකකි. මේ ගැන ඊට අදාල සියළු වගකිවයුත්තන් ලජ්ජා වියයුතුය. මන්ද ඉතා කෙටි කාලයකින් අංග සම්පූර්ණ ලමාරෝග පිළිබඳව අංශයක් ගොඩනැගීම හැකිවීම මීට කදිම නිදසුනකි.


 මේ වනවිට මෙම මෘතශරීර රෝහල තුළ ගොඩ ගැසීමට පවතින කොවිඩ් තත්ත්වයද ප්‍රධාන හේතුවක් බව රෝහල් ආරංචි මාර්ග වළින් හෙළි වේ . මේ පිළිබඳව වෛද්‍ය වරයෙකුගෙන් විමසූවිට ඔහු ප්‍රකාශ කළේ මහජන පරීක්ෂක වරු සහ ග්‍රාමනිලධාරීන් තම වගකීම නිසි පරිදි ඉටුනොකිරීමද මෙකී තත්ත්වය වර්ධනය වීමට ප්‍රධාන සාධකයක් වන බවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් නිසි වාර්තාවක් ලබාදුන්නේ නම් අදාල මියගිය අයගේ ඥාතීන්ට මරණය පිළිබඳ කටයුතු තම නිවසේ කළහැක. නමුත් යම් මරණයක් ගැන පොලීසිය දැනුවත් කළවිට ඔවුන් එම මෘතශරීරය යොමු කරන්නේ රෝහල වෙතය. එබැවින් ඉහතකී නිලධාරීන් තම වගකීම නිසිලෙස ඉටුනොකිරීම මෙම අර්බුදය වර්ධනය කරන සාධකයක් බවට පත්වී ඇත .

රෝහල වෙත ලැබෙන මෘතදේහ පිළිබඳව PCR පරීක්ෂණ , ඇතුළු කටයුතු රැසක් සිදුකළ යුතුය . මේ අනුව නිසි ක්‍රමවේදයක් අනුගමනය කෙරෙන බැවින් මෘතදේහය ඥාතීන්ට ලබාගැනීමේදී ප්‍රමාදයක් ඇතිවීම වැළැක්විය නොහැකිය. එය අදාල රෝහල් කාර්ය මණ්ඩලයද පීඩාවට පත්කරන තත්ත්වයකි.
සැම්සන් ඥානසිරි