මීගමුව මහ රෝහල මධ්‍යම රජයට ?

0
614

NGB hospital

මීගමු මහ රෝහල මධ්‍යම රජයට පවරා ගැනීම පිළිබඳව පසුගිය කාලය තුළ විවිධ අදහස් උදහස් සාකච්ඡා විවිධ මට්ටමින් පවත්වා තිබින . මීගමු රෝහල් සංවර්ධන පදනම එහි ප්‍රධාන වශයෙන් මූලිකත්වය ගෙන කටයුතු කළ අතර එහි සභාපති ක්‍රිෂාන්ත දල්පදාතු මහතා මේ සම්බන්ධව විශාල කැපකිරීමක් කළ අයෙකු බව කිවයුතුය .මේ සඳහා අතිගරු මැල්කම් රංජිත් කාදිනල් තුමා වෙත යොමු කළ ලිපිය , ශ්‍රීලංකා නිදහස් පක්ෂ මීගමුව සංවිධායක ලලිත් ටෙන්සිල් මහතා මගින් 2019/7/13 වනදින ජනාධිපති වරයා වෙත යොමුකළ ලිපිය , මීගමුව එ.ජා.ප සංවිධායක හරහා අගමැති වෙත යොමුකළ ලිපිය ආදී වශයෙන් ලිපි ගනනාවක් මගින් කරන ලද ඉල්ලීම් මේවනවිට ඵල දරා ඇති බව ක්‍රිෂාන්ත මහතා පවසයි . මේගැන පැහැදිළි කරන ඔහු එකී ලිපිවල අන්තර් ගත කරුණු යළි සිහිපත් කරයි.
මේ අනුව මීගමුවේ සිට කටාන , දිවුලපිටිය , මිනුවන්ගොඩ , ජාඇල , වත්තල, දංකොටුව , හලාවත , මාරවිල , නාත්තන්ඩිය , කුලියපිටිය යන ප්‍රදේශ ගනනාවක් පුරා මෙම රෝහලේ අවශ්‍යතාව පැතිර පවතී .
පසුගිය අප්‍රෙල් 21 ඛේදවාචකය සිදුවූ අවස්ථාවේ අවශ්‍ය පහසුකම් නොතිබුණු හෙයින් අනතුරට පත්වූවන් වෙනත් රෝහල් කරා රැගෙන යාමට සිදුවූ අතර සුවකළ හැකි අය පවා මරණයට පත්වූ බව පෙන්වා දෙයි .
එසේම ආයෝජන මණ්ඩලයේ සහ අවට කර්මාන්තශාලා වල ලක්ෂ 8 කට වැඩි සේවක සංඛ්‍යාව , ජාත්‍යන්තර ගුවන්තොටුපළ , ත්‍රිවිධ හමුදා කඳවුරු, ධීවර ප්‍රජාව , අධිවේගී මාර්ගය ආදී වශයෙන් පවතින කරුණු සියල්ල කෙරෙහි අවධානය දියයුතුය යන්න පැහැදිළි කරමින් , මධ්‍යම රජයට පවරා ගැනීමේ අවශ්‍යතාව සහ සාධරණත්වය වගකිවයුත්තන්ගේ අවධානයට යොමු කරයි.
මීගමු රෝහලේ පසුගිය කාලය පුරා පැවති ඩෙංගු වසංගතයට මුහුණ දුන් ආකාරය කදිම උදාහරණයක් විය .එහිදී එක අැඳ රෝගීන් දෙදෙනකුට භාවිතා කිරීමට සිදුවූ අතර බිම පවා රෝගීන් සිටි බව සත්‍යයකි. රෝහලේ මෘතශරීරාගාරය පවත්වාගෙන යාමට සිදුවී ඇත්තේ මාළු ප්‍රවාහනය කරන ලොරි බොඩියක බවත් , සත්මහල් ගොඩනැගිල්ල වසර ගනනාවක් තිස්සේ හැදෙමින් පවතින බවත් පෙන්වා දෙන ලදී . මේ සියළු සාධක මත රෝහල මධ්‍යම රජයට පවරා ගත යුතුය යන්න තහවුරු කිරීමට රෝහල් සංවර්ධන පදනම ගත් උත්සාහය අපතේ ගොස් නැති බව ක්‍රිෂාන්ත මහතා අප සමඟ පැවසීය.