මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට අපේක්ෂිත ඇප ලැබේද ? …. තීරණය ලබන 08 වැනිදා

0
128

ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකුගේ නිවසින් රන් භාන්ඩ, මැණික් සහ රුපියල් 685000 ක පමන මුදලක්  කොල්ලා කෑ යුවලක් මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.  එහිදී එම යුවල කොල්ල කෑ රන් භාන්ඩ ඇතු`ඵ වටිනා දෑ පොලිසිය භාරයේ තිබියදී සොරා ගැනීමේ සිදුවීම සම්බන්ධව මේ වන විට මිරිහාන පොලිස් අපරාධ විමර්ෂන අංශය ම`ගින් පරීක්ෂන කටයුතු මෙහෙයවයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් දැනට සැකපිට අත්අඩංගුවට ගෙ ඇති මීගමුව, පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු පසුගිය අගෝස්තු මස 05 වැනි දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි. එහිදී  මීගමුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා නියෝග කලේ මෙම සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනාව ලබන අගෝස්තු 17 වැනි දින හ`දුනා ගැනිමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසයි. එලෙසම එදින දක්වා මෙම සැකකාර පොලිස් නිලධාරීන් තිදෙනාව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කලේය.
මෙම සිදුවිමේ පැමිණිල්ල මෙහෙයවන මිරිහාන පොලිස් අපරාධ විමර්ෂන අංශය වෙනුවෙන් ඉදිරිපත් වු පොලිස් අධිකාරිවරයා පවසා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැකකරන මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයාවද හ`දුනා ගැනිමේ පෙරට්ටුවට ඉදිරිපත් කල යුතුය යන්නයි.
මේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරුන මෙම පොලිස් නිලධාරීන් තිදෙනා වෙනුවෙන් ඉන්දික සිල්වා මහතා ඇතු`ඵ නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.

මේ අතර මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැක කරන මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් වී නොමැති අතර ඔහු වෙනුවෙන් අපේක්ෂිත ඇප ඉල්ලූම් පතක් නීතිඥයින් ම`ගින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට ඉදිරිපත් කර ඇති එම අපේක්ෂිත ඇප ඉල්ලූම්පත‍්‍රය පිලිබ`දව ලබන අගෝස්තු 08 වැනි  ස`දුදා දින මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයේදී සලකා බැලීමට නියමිතව තිබේ.මේ අතර පොලිසිය විසින් ගරු අධිකරණයට වාර්ථා කර තිබුනේ මීගමුව මුලස්ථාන පොලිස්පරික්ෂකවරයා සිටින තැනක් තවමත් දැනගන්නට නොහැකි වි ඇති බවයි.