මීගමුව මුස්ලිම් මහපල්ලියේ අනුග්‍රහයෙන් ඩෙංගු වාට්ටුකට විදුලි පංකා !

0
236

ward 04 aගොඩනැගිලි ඉදිකිරිමේ විද්‍යාව ගැන මළබෝලයක් නොදත් අය විසින් සැලසුම් කර තිබුන මීගමුව රෝහලේ තාවකාලික වාට්ටුවල ඇති අධික රස්සනය නිසා එහි සිටින රෝගින් සහ කාර්ය මණ්ඩලය අපා දුක් විදිති.
මේ ප්‍රශ්ණය ගැන මිපුර වෙබ් අඩවිය සහ මීගමුව සංවර්ධන පදනම විසින් කරන්නට යෙදුන ඉල්ලිමක් පදනම් කොට ගෙන මීගමුව මුස්ලිම් මහ පල්ලිය විසින් රෝහලේ 04 වෙනි වාට්ටුවට විදුලි පංකා සවිකිරිමේ කටයුතු දැන් අරඹා ඇතැයි වාර්තා වේ.
මීගමුව රෝහලට ජනපතිගේ පැමිණිමෙන් පසු විවිධ ආධාර ගලා එන්නටත් මැති ඇමැත්තෝ ඇතුළු බොහෝ දෙනෙකු යන එන තැනක් බවට පත්ව තිබුණද මීට මාසයකට ඉහතදි තත්වය බෙහෙවින්ම වෙනස් එකක් විය.ඒ අමාරුම කාලයේ  නම් ප්‍රසිද්ධ කරගන්නට උවමනාවක් නැතිවම විවිධ දායකත්වයන් සැපයු රැසක් වෙති.
ඒ සැමට මීපුර අපේ ආචාරය !