මීගමුව සමථ මූල මණ්ඩලයට සාමාජිකයන් බදවා ගැනීමේ ක්‍රියාවලිය ගැන පාඨකයෙකුගෙන් විරෝධයක්.

0
781

මීගමුව අංක 3 දරණ සමථ මූල  මණ්ඩලයේ සාමාජික්තවය ලබා ගැනීම සදහා මා කිහිපවරක් සමථ මණ්ඩල කොමිසන් සභාවෙන් අයදුම්පතක් ලබාගෙන ඉදිරිපත් කලද, සම්මුඛ පරීක්ෂණයට කැදවූ අතර එහි සාමාජිකත්වය ලබා දුන්නේ නැත. ඒ මොවුන්ගේ දූපුතුන් පත්කරගැනීම සදහා වූ ක්‍රියාවලිය නිසාවෙනි.

“සුනාමි “ව්‍යසනය පැමිණි අවස්ථාවේ ජනතාවට ලබා දීමට තිබූ බඩු භාණ්ඩ ආදිය සම්බන්ධයෙන් වංචාකර ඇතැයි චෝදනාවන්ට ලක්වූ ග්‍රාම නිළධාරීන්ට පවා මෙම සාමාජිකත්වය ලබා දී තිබූ අතර තවද මුදල් ලබා ගැනීමේ චෝදනාවන්ට ලක්වී සිටි පාසලක විදුහල්පතිවරයෙකුද සභාපතිධූරයට පත් කර තිබුණි. මේ කාරණා සම්බන්දයෙන්  විරුද්ධව ක්‍රියාකල එහි සාමාජිකයෙකු වූ පිටිපන විසූ මාටින් වේවැල්දෙනිය මහතා එහි සාමාජිකත්වයෙන් ඉවත් කලහ. ඔහු අද බරපතලඅසනීප තත්වයෙන් පසුවේ. මා හට මෙම සාමාජිකත්වය ලබා දීමට නොහැකි යැයි අසත්‍ය හේතු දක්වා සමථ මණ්ඩල කොමිසන් සභාවේ ලේකමවරයා විසින් මා දේශපාලනය කරන බවට මීගමුවේ ප්‍රාදේශීය ලේකම්වරයා ලිපියක් එවා ඇති බව පැවසීය. නමුත් එය අසත්‍ය බව මා ඔප්පුකරමින් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එවැනි කිසිම ලියවිල්ලක් යවා නැති බව ඔහු විසින් සමථ මණ්ඩල කොමිසන් සභා ලේකම්වරයා වෙත යැවූ ලිපියෙහි පිටපතක්ද මා විසින් යවා ඔප්පු කර සිටියදීත් නැවත නැවතත් එම කාරණා සදහන් කරමින් මා වෙත ලිපි එවා ඇත. මෙය ඔවුන්ගේ දූපුතුන් ආරක්ෂා කිරීමේ උපක්‍රමයකි. මීගමුව හිටපු ප්‍රාදේශීය ලේකම්වරයා එවූ ලිපියේ පිටපතක්ද එම කොමිසන් සභාවේ ලේකම්වරයා එවූ ලිපියේ පිටපතක්ද මේ සමග ඇත.

තවද මෙය සාමාජිකත්වය මට නොදී දූෂිතයන්ව පත් කර ආරක්ෂාකර ගැනීම සදහා කල දේශද්‍රෝහී උපක්‍රමයක් හා  යහපාලන රජයද අපකීර්තියට පත් කිරීම සදහා කල උත්සාහයක් බව පැහැදිලිය. එම නිසා ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය පළුදු වීමට ඉඩ නොදී මෙම නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගෙන සාධාරණයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

(මේ සියල්ල සියලුම පුවත්පත් හා අන්තර්ජාල වෙබ්අඩවි මගින් ප්‍රසිද්ධ කරන ලද ඉල්ලීම්ය.)

DSC_0319

 

එම්.කේ.ජේ. රොහාන් ප්‍රනාන්දු (සාම විනිසුරු)