මීගමුව රෝහලට එවන්නේ වැඩ බැරි අධ්‍යක්ෂකවරුන්ද ?

0
62

NGB hospital new buildig(4.27pm)ගම්පහ මූලික රෝහලේ වැඩබලන වෛද්‍ය අධ්‍යක්ෂවරයා ඉවත්කිරීම අද (19දා) පෙරවරු 8.00ට පෙර නොකළහොත් දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල වෛද්‍යවරු අධ්‍යක්ෂවරයා ඉවත් කරන තුරු මහා වැඩ වර්ජනයක් අඛණ්ඩව ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ගම්පහ ශාඛාවේ ලේකම් වෛද්‍ය ලක්මාල් රූපරත්න මහතා ඊයේ (18දා) රෝහලේදී පැවැති හදිසි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා ඇති බව අද (19) මව්බිම පුවත්පතේ සවිස්තරාත්මකව ඇත. ගම්පහ වැඩබලන අධ්‍යක්ෂකවරයාගේ මෙම ගැටළුව නිසා ඔහුට  අමාත්‍යාංශය විසින් මීගමුව රෝහලට ස්ථාන මාරුවක් ලබාදී ඇති බවද මෙම සාකච්ඡාවේ දී පවසා ඇති බවට මෙම වාර්තා වේ සදහන් වේ. නමුත් ඔහු එය ක්‍රියාත්මක කර නැති බව ද එහි සදහන් වේ. මේ අනුව බලන කළ මීගමුව රෝහලට ස්ථීර අධ්‍යක්ෂකවරයෙකු නොමැති බව පිලිබද ප්‍රශ්නයක හැමදාම පැවතුන අතර  රෝහලට පත්වෙන අධ්‍යක්ෂකවරුන් පත්වෙන්නේ කොයි ආකාරයට ද යන්න ගැනත් දැන් ඉගියක්  ලැබී ඇත. මෙ ආකාරයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් තමන්ගේ උවමනා එපාකම් ඉටුකරගන්නා අතකොලුවක් බවට මීගමුව රෝහල පත්ව තිබෙන්නේ දැන් කාලයක සිටය.