මීගමුව රෝහලට CCTV හයිකරනවට බය කට්ටිය කව්ද ?

0
61

Bribe-for-Passport-Police-Verification-1024x682මීගමුව රෝහලේ CCTV කැමරා පද්ධතියක් සවිකිරිමට රෝහලේ අය අකැමති බවටත පසුගිය දිනවල ප්‍රචාරයක් අරගෙන ගිය පිරිසක් විය.
ඇතැමුන් කියා සිටියේ රෝහලේ වෛද්‍යවරුන් පවා මේකට අැකමැති බවය.
අප මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිළධාරි සංගමයේ මීගමුව රෝහල් ශාඛාවේ ප්‍රධාන වෛද්‍යවරයෙකුගෙන්ද විමසා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ වෛද්‍යවරුන්ගේ මෝටර් රථවල කෑලි ගලවන තත්වයක් ඇතිව තිබෙන බවත් අැතැම් අවස්ථාවල වාහන හප්පා දමා යන අවස්ථාවන්ද මතුව තිබෙන බවත් රෝගින් බඩු බාහිරාදිය පවා නැති වු අවස්ථා ගැන වාර්තා වි ඇති බවත්ය.
මේ තත්වයන් කිසියම් විසදුම් අවැසි බව පමණක් ඔවුන් විසින්ද පරිපාලනය වෙත අවධාරණය කළ පවසා සිටියේය .
මේ සියළු තත්වයන්ට පිළියමක් ලෙසින් රෝහල් පරිපාලනය විසින් දැන් CCTV කැමරා සවිකරන්නට පටන් ගෙන ඇත.මේ සදහා වෛද්‍යවරුන්ගේ කිසිදු විරෝධයක් නැති බවද පැහැදිලිව තිබේ.
මෙයට අමතරව කිසියම් පිරිසක් විසින් මේ සදහා යන වියදම ගැන බරපතල වැරදි මතයක්ද ප්‍රචාරය කරන්නට පටන්ගෙනය.
එනම් මේ කැමරා සවිකිරිම සදහා රුපියල් ලක්ෂ 90 ක් වියදම් වෙතැයි කියා රෝහල තුලත් ඉන් පිටතත් පට්ටපල් බොරුවක් පතුරුවමින් තිබේ.
මේ ගැන කිසිදු  විමසිමක් නොකරමින් එක්තරා වෙබ් අඩියක් විසින් ද සදහන් කර තිබුනේ රු මිලියන 9.5 මේ සදහා වැය වන බවය.
ඇත්ත වශයෙන්ම CCTV කැමරා පද්ධතිය තුල කැමරා 22 ක් සවි කිරිම සදහා යන මුළු මුදල වන්නේ රුපියල් නමලක්ෂ අසුදාහකට ආසන්න වු මුදලකි.
ඇති තතු එසේ වුවද ලක්ෂ 90 ක් යනවා යැයි කියන කථාව  මතුව ඇත්තේ ගණන් හරිහැටි කියවා ගන්නට බැරි අයෙකු විසින් 9,80,000.00  ලක්ෂ 90 ගණනක් ලෙසින් වැරිදියට කියවා ගැනිම නිසා විය යුතුය.
දැන් සියල්ල පැහැදිලිය.
මීගමුව රෝහලේ අඩුපාඩු අප තරම් විවේනය කළ කිසිදු මාධ්‍යයක් මේ රට තුල නැත. එහෙත් අප කිසි දිනක බොරු ලිව්වේ නැත.
එ් සියල්ල ලියන්නට යෙදුනේ මීගමුව රෝහල් කලාපයේ හොදම රෝහල බවට පත්කරගැනිමේ අරමුණ හැම විටම සිත්හි තබාගෙනය.
මාධ්‍යයේ නිවරදි වගකිම එය බව  අද මෙන්ම හෙටත් අපගේ විශ්වාසයි.