මීගමුව රෝහලත් ඩෙංගු තිප්පොලක් ?

0
75

මීගමුව රෝහලේ  වෛද්‍ය නිල නිවාසවල පදිංචිව  සිටි වෛද්‍යවරයෙකුට ඩෙංගු රෝගය වැළදි තිබුන බව අප මීට කළින් වාර්ථා කළෙමු.ඉන්පසු ක්‍රියාත්මක වු රෝහල් කාර්ය මණ්ඩලය ඩෙංගු බෝවිය හැකි තැන් පරික්ෂා කර තිබුනද අප කළ විමසුමකදි පිළිතුරු දි තිබුනේ ඩෙංගු මදුරුවන් සිටින ස්ථාන කිසිවක් සොයාගත නොහැකි වු බවය.
එහෙත් පසුව දැනගන්නට ලැබුනේ මීගමුව රෝහල තුල ඉවත දමා ඇති සින්ක් ( වතුර බේසම් ) වැනි දැ වල ඩෙංගු කිටයන් සිටි බවය. මීගමුව රෝහල තුල මෙවැනි ස්ථාන 15 ක් පමණ සොයාගන්නට හැකිව ඇතැයි වාර්ථා වේ.

මීගමුව රෝහලේ පිරිසිදු කිරිම් සියල්ල භාරව ඇත්තේ කොන්ත්‍රාත් සමාගමකි. මේ සියළු බලධාරින්ගේ අවධානය මේ කෙරෙහි කඩිනමින් යොමු වේ යැයි අප බලාපොරෙොත්තු වෙමු.