මීගමුව රෝහල් පරිශ්‍රයේ විසඳුමක් නැති රථගාල් ප්‍රශ්ණය ?

0
88

IMG-20200121-WA0009?

මීගමුව මහ රෝහලට පැමිණෙන ජනතාව වෙනුවෙන් වාහන නතර කිරීම සඳහා පුද්ගලික රථගාල් 4ක් ඇත . නමුත් වසර ගනනාවක් තිස්සේ මීගමුව රෝහලට යන එන ජනතාවට අනවශ්‍ය ස්ථානවල අනවශ්‍ය ලෙස තම වාහනය නතර කිරීමට සිදුව ඇත .ඒනිසා මතුවන තත්වය කාටත් පොදුවේ අහිතකය.මීට පෙර අවස්ථා කිහිපයක මාරිස්ටෙලා විදුහල සහ රෝහල අතර ඇති මෙන්ඩිස් මාවතේ වාහන නතර කිරීම ගැන කරුණු පැහැදිළි කරමින් වගකිවයුත්තන් දැනුවත් කළෙමු .පොලීසිය විසින් මෙහි වාහන නතර කිරීම තහනම් බව සඳහන් දැන්වීම් පුවරුද එල්ලා ඇත .නමුත් තවමත් එහි මෙම වාහන නතර කිරීම අඛණ්ඩව සිදුවේ.
මේවනවිට එහි අනෙක් පැත්තේ සුවසරණ පාමසිය අසලින් ඇති විජේපාල මෙන්ඩිස් මාවත දෙපැත්තේම පුරුද්දක් ලෙස වාහන නතර කරයි .මේ පිළිබඳව මේ අසල ඇති පුද්ගලික රථගාල අයිතිකරු වන රත්නසිරි මහතා ප්‍රකාශකළේ මෙවන් අදහසකි.
“පාර දෙපැත්තෙ වාහන ගහ ගත්තට පස්සේ මෙතනට එන වාහන එන්න විදිහක් නෑ. වාහන හරවන්නෙ නෑ. වාහනේ සීරෙනවට අයිතිකරු බයයි.අපි කිව්වොත් වාහනේ අයින් කර ගන්න කියල එහෙම අයින් කර ගන්නෙ නෑ. ඒ අය අනවශ්‍ය වචන පාවිච්චි කරන වා. ඒනිසා අපි අපේ පාඩුවේ ඉන්නවා .පොලීසියට කෝල් එකක් දුන්නත් පොලීසිය එන වෙලාවට මේගොල්ලො ගිහිල්ල ඉවරයි . ඕකයි ප්‍රශ්ණෙ. එක පැත්තක ගහගන්නවනම් ප්‍රශ්ණයක් නෑ. ”
මේ සඳහා වගකිවයුත්තන්ගේ මැදිහත් වීම සාර්ථක වීනැත. මෙන්ඩිස් මාවතේ නම් පොලීසිය විසින් වාහන නතර කිරීම තහනම් බව පවසා දැන්වීම් පුවරු පවා එල්ලා ඇත .නමුත් වාහන නතර කරන්නේ එම දැන්වීම් පුවරු ඉදිරි පිටය. දැන් පොලීසිය ද මගහැර යන්නේ මෙම ජනතාවට වෙනත් විකල්පයක් නැතිබව ප්‍රකාශ කරමින්ය . ජනතාවද එයම පවසයි . දැන් ප්‍රශ්ණය විජේපාල මෙන්ඩිස් මාවතෙන් මෙන්ඩිස් මාවතටද පැතිර ගොස් ඇත . නමුත් මෙම ප්‍රශ්ණයට විසඳුමක්ද අවශ්‍ය වේ. අප ඉල්ලා සිටින්නේ වගකිවයුතු බලධාරීන් එකතුවී කරන සාකච්ඡා මේසයකදී මෙම ප්‍රශ්ණය ගැන සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීමට කටයුතු කරන මෙන්ය.