මීගමුව රෝහල් බිමේදි කම්කරුවෙක්ට එන්නතක් ?

0
106

මීගමුව රෝහලේ කුණු කසල ඉවත් කරන්නට ගිය මීගමුව මහ නගර සභා සේවකයෙක්ට ඉවතලු එන්නතක කටුවක් ඇනි පාදයේ තුවාලයක් සිදුව ඇතැයි වාර්ථා වේ.එවේලේම ක්‍රියාත්මක වු රෝහලේ හෙදියන් ඔහුට අවශ්‍ය ඉක්මන් ප්‍රතිකාර ලබා දි ඇත.
එහෙත් මෙහිදි මතුවන ගැටළුව වන්නේ මේ රෝහලේ ඒන්නත් සදහා භාවිතා කරනු ලබන  සිරින්ජ්ර්ස් විනාශ කිරිම සදහා නිසි ක්‍රියාදාමයක් තවමත් නොපවතින බැවින් ගැටළු රැසක් මතුව ඇති බවය.
මේ සම්බන්ධයෙන් අවශ්‍ය විශේෂ යන්ත්‍රයක් මීගමුව රෝහලට ලබාදිය යුතු යැයි මීගමුව ආණ්ඩුපක්ෂ මන්ත්‍රිවරයෙක් වු සුනිල් සිල්වා මහතා වරක් යෝජනා කර තිබුණි. ඒ  යෝජනාව ඉක්මනින් ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවය යළිත් වරක් අවධානයට යොමුවන්නේ නගර සභාවේම කම්කරුවෙක් නොමිලේම එන්නත් සිය ශරිරයට රෝහල් භූමියේදි විදගැනිමත් සමගින්ය. ඉන්සිලරේටර් නම් වු මේ යන්ත්‍රයක් මිළ රු ලක්ෂ 10 ක් පමණ වේ.
පසුගිය අයවැය සාදයේදි නගර සභාව විසින් වැය කළ මුදලට තවත් රුපියල් ලක්ෂ 7 ක් එක් කළේ නම් නගර සභා සේවකයෙකු මෙසේ ජිවිත අවධානමකට පත් නොවනු ඇත.