මීගමුව රෝහලේදි නගරාධිපතිගේ හිත රිදිලා…

0
65

මීගමුව රෝහලේ කනිෂ්ඨ කාර්ය්‍ය මන්ඩල සේවකයින් 35 දෙනෙකු පමන පිරිසක් තමන්ට රැකියා ලැබී වසරක පමන කාලයක් ගතවීම නිමිති කර ගෙන නොවැම්බර් මස 10 වැනි දින පෙරවරුවේදී ලේ දන්දිමේ වැඩසටහනක් පැවැත්වීය. එම වැඩසටහනට සමගාමීව තමන්ට රැකියා ලබා දුන් දේශපාලන නියෝජිතයින්ට සමරු තිලිණ ප‍්‍රදානය කිරීමේ උත්සවයක්ද රෝහල් ප‍්‍රධාන ශාලාවේදී පැවැත්විණි. එම උත්සවයට  විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ මීගමුව නව නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා උත්සව සභාව ඇමතීය. එහිදී රැස්ව සිටි පිරිස අමතා කථා කල නගරාධිපතිවරයා මීගමු රෝහලේ සේවයේ නියුතුව සිටින අක්ෂි වෛද්‍යවරයෙකු පිලිබදව ද කථා කලේය. ඳ
” අද තමුන්නාන්සේලා එකතු වෙලා මේ කරන්නේ බොහෝම  හොඳ සද් කි‍්‍රයාවක්. තමන්ට රැකියාවන් ලබා ගැනීමට උදව් උපකාර කල ඒ දේශපාලන නායකයන්ව රැකියා ලැබුනට පසුව අමතක නොකර මේ ආකාරයට උත්සවයක් තියලා සමරු තිළිණ ප‍්‍රදානය කරලා මේ විදිහට ගෞරව දැක්වීම කෘතගුණ සැලකීමක්. ඒක හොඳ මනුස්සකමක්. ඒක නිසා ඔබ සැම මේ කරන කි‍්‍රයාව බොහෝම ශ්‍රේෂ්ඨයි. මෙතනදී කතා කරපු අයගෙන් කියැවුනා මේ රෝහලට එන රෝගීන්ට බොහෝම හොඳින් සුහදව කථා කරන්න කියලා. ඒ දේ තමයි මුලිකවම රෝහලේ සේවය කරන අයගෙන් රෝගී ජනතාවට සිදු විය යුත්තේ . රෝගීන් සමඟ සුහදව කථා කරලා ඒ අයට සේවය සලසලා ඒ අයව සුවපත් කිරිම තමයි ඔබෙන් විය යුත්තේ.
මම ත් ළඟදී දවසක ආවා මේ රෝහලට මගේ ඇස් දෙක පෙන්නන්න. මාව මේ රෝහලේ සේවක මහතෙක් ඒ ඇස් සම්බන්ධ ප‍්‍රතිකාර කරන වෛද්‍යවරයාට මාව හඳුන්වා දුන්නා සර් මේ අපේ මීගමුවේ අළුත් නගරාධිපතිතුමා කියලා. කියන්න කනගාටුයි ඒ වෛද්‍යවරයා අඩුම තරමින් ඇහැක් ඇරලාවත් මා දිහා බැලූවේ නැහැ. මම මීගමුවේ පලමු පුරවැසියා . මට ඇත්තටම හරිම කනගාටුවක් ඇති වුනේ ඒ වෙලාවේ. ඊට කලින් දවසේ මම මේ රෝහලට ගලිය ඉල්ලපු ගමන්ම මම ඒක වේලාවේම යැව්වා. ආයේ එදා අපිට ඒකෙන් කරන්න තිබුණ වැඩ ගැනවත් බැලූවේ නැහැ. ඒක නිසා අපිට හැකි හැම අවස්ථාවකම මම මේ රෝහලට උපරිමව සේවය කරලා තියෙනවා. අපි කවුරුත් මනුස්සයෝ . තමන් ඉන්න තනතුර ලොකු වෙන්න පුළුවන්. වෛද්‍යවරයා කරන දේ මට කරන්නත් බැහැ. මට කරන්න පුළුවන් දේ වෛද්‍යවරයෙකුට කරන්නත් බැහැ. නමුත් අපි  මනුස්සයෝ හැටියට අඩුම තරමින් හිනහ වෙලාවත් යම් ගෞරවයක් යම් සුහද බවක් තවත් කෙනෙකුට පල කල යුතුයි. ඒක තමයි උතුම්ම මනුස්සකම කියලයි මම හිතන්නේ. මම මේ දේවල් කිව්වේ ද්වේෂයෙන් නෙමෙයි. සිතට යම් කනගාටුවක්  දැනුනු හින්දයි. ”