මීගමුව රෝහලේදී තරුණයෙකු දිවි නසා ගනියි

0
62

NGB hospitalමීගමුව රෝහලේ මානසික රෝගී අංශයට ඇතුළත් කර තිබූ රෝගියෙකු එම වාට්ටුවේදී වස පානය කිරීම හේතුවෙන් මියගොස් ඇති බව  වාර්තාවේ. මෙම සිදුවීම සිදුවී ඇත්තේ ඊයේ (ජුනි 30)   වනදා වන අතර    මියගොස් ඇත්තේ දංකොටුව ප්‍ර ෙද්ශයේ තරුණයෙකි. මෙම තරුණයා ව ඇතුල් කර ඇත්තේ මානසික රෝගී තත්ත්වයක බවද වාර්තා වේ. ඒ අනුව මෙම තරුණයා මීගමුව රෝහලේ මානසික රෝගී අංශයට අයත් වාට්ටුවේ නේවාසිකව  ප්‍රතිකාර ලබමින් සිට ඇත. මෙබදු තත්ත්වයකදී මොහුගේ අතට වස බෝතලයක් ලැබුණේ කෙසේදැයි ගැටළුවක් වන අතර මෙම වාට්ටුවේ සිටින රෝගීන්ට ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් ද ගැටළුවක් මතුවෙයි. මේ පිළිබඳව දැනට වඩා රෝහල් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.help