මීගමුව රෝහලේ අනවශ්‍ය මුදල් නාස්තියක් ! හිටපු අධ්‍යක්ෂකටත් චෝදනාවක් !

0
174

 

( 10.15 am  ) මීගමුව මහ රෝහල යනු මෙරට ප්‍රමුඛතම සහ වැදගත්ම රෝහලක් බවට පත්වූයේ අද ඊයේ නොවේ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ  , කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය , ධිවර නගරය  සහ මීගමුව නගරය සංචාරක පුරවරයක් සහ වෙළඳ නගරයක් නිසා ප්‍රකට වීමත් සමගම මීගමුව රෝහලේ වැදගත්කම කැපි පෙනෙයි

මේ රෝහල එතරම්ම වැදගත් සහ ප්‍රමුඛතම රෝහලක් වන නිසාවෙන්ම පසුගිය කාලයේ බස්නාහිර පළාත් සභාවෙන් එය මහා ආන්ඩුවට ද පවරා ගැනීමට එවකට සිටි රජය කටයුතු කර තිබුණි. ඒනිසාම කාලෙන් කාලයට මේ රෝහල නවීකරණය කිරීම් සහ රෝහලේ පහසුකම් නැංවීම සඳහා විවිධ ඉදිකිරීම් සිදුවුනි.

මේ වන විට මීගමුව රෝහලේ ඉදිරිපස ඇති තාප්පය තිබෙන උසටත් වඩා අඩි කීපයක් උස්කර ඉදිකිරීමක් පිළිබඳව මීගමුවේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී තිබේ.

මෙම ඉදිකිරීමට මුල පුරා ඇත්තේ මීට සතියකට කලින් මීගමුව රෝහලෙන් මාරුවී ගිය හිටපු රෝහල් අධ්‍යක්ෂවරයා විසින් බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

මෙලෙස තාප්පය උස් කිරීම පිළිබඳව හිටපු රෝහල් අධ්‍යක්ෂකවරයා කිහිප විටකදීම පවසා ඇත්තේ මෙම තාප්පයෙන් පාර පැත්තේ සිට රෝහල පැත්තේ සිටින අය යම් යම් දේ හුවමාරු කර ගන්නා බවය එහිදී ඔහු විසින් ව්‍යාංගාර්ථව පවසා ඇත්තේ රෝහලට පිටින් සමහර පුද්ගලයන් රෝහල පැත්තේ සිටින අයට මත්ද්‍රව්‍ය වැනි දේවල් ගැන යයි රෝහල් සේවකයෝ කියා සිටිති

මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රදේශවාසීන් මෙන්ම රෝහල් කාර්ය මණ්ඩල සමහර පිරිස් ද ප්‍රකාශ කරන්නේ මෙම තාප්පය තවත් උස් කර ඉදිකිරීම අනවශ්‍ය කාර්යයක් බවත්  එලෙස යම් දෙයක් හුවමාරු කරගන්නට අවශ්‍ය නම් මෝචරිය පැත්තෙන් හෝ රෝහල සහ මාරිස්ටෙලා පාසල අතර ඇති මෙන්ඩිස් මාවතින් පැමිණ කාටත් හොර රහසේ වුවද යම් යම් දේ හුවමාරු කරගත හැකි බවය

රෝහලේ නේවාසික රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලවල සිටින සමහර පිරිස්ද හිටපු රෝහල් අධ්‍යක්ෂකවරයාට චෝදනා කරන්නේ රෝහලේ ගුණාත්මක වශයෙන් සපුරා ගත යුතු අඩුපාඩු රාශියක් තිබියදී අනවශ්‍ය ලෙස රජයේ එනම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් වැය කරමින් මෙලෙස ප්‍රයෝජනයක් නැති ඉදිකිරීම් කිරීම මහජන මුදල් නිකරුණේ කාබාසිනියා කිරීමක් බව කියමිනි .

වාර්තා වන රෝහලේ මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ රාශියක දැඩි හිඟයක් පවතී. රෝහලේ අවශ්‍යතා සපුරාලිමට  ප්‍රෙෂර් මීටර් පවා ප්‍රමාණවත් නැත  එලෙසම හෘද රෝගීන් පරීක්ෂාව සඳහා අවශ්‍ය එක්සසයිස් ඊ.සී.ජී (Exercise ECG) යන්ත්‍රය මේ වන විට අක්‍රිය ව පවතී. එමෙන්ම රෝහලේ සය මහල් ගොඩනැගිල්ලේ වසා දමා ඇති ශල්‍යාගාර හතරක් නැවත විවෘත කරගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත. එම ශල්‍යාගාර සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ඇතුළු යටිතල පහසුකම් සපයා නොමැතිකමින් ඒවා නැවත විවෘත කිරීමට නොහැකි වී ඇති බවද වාර්තාවේ. බොහොමයක් වාට්ටුවල අවම හෝ යටිතල පහසුකම් සපයා නොතිබීම සහ උපකරණ වල පවතින දැඩි හිඟය නිසාම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු හෙද හෙදි කාර්ය මණ්ඩලයද බොහෝ විට දැඩි අපහසුතාවයට පත්වන අවස්ථා දැකගත හැකිය.

රෝහල් භුමියේ විශාල ගස් පවා කපා දමමින් තවත් අනවශ්‍යය ඉදිකිරීම් රෝහල තුළ සිදු කරන්නට බලාපොරොත්තුව සිට ඇති බවටද මේ වන විට හිටපු අධ්‍යක්ෂකවරයාට එල්ල වෙමින් තිබේ

මෙය මහජන රෝහලක් මිස මෙය බන්ධනාගාර රෝහලක් නොවන බවද ඔවුන් වැඩි දෙනෙකුගේ අදහසය
.එනිසා උස් තාපයක් මෙවැනි ප්‍රධාන මාර්ගයකට මුහුණලා ඇති රෝහලකට අනවශ්‍ය අවධාරණය කර සිටිති

ජාතික ජන බලවේගයෙන් මීගමුව ආසනයට තරග කළ වෛද්‍ය හෙන්රි රොසරියෝ මහතා ද විටෙක ප්‍රකාශ කළේ උදේ පාන්දර වෛද්‍ය සායන වලට පැමිණෙන රෝගීන්ට විශේෂයෙන්ම මහලු වයෝවෘද්ධ රෝගීන්ට පවා එම වෛද්‍ය සායන අවසන් කර ආපසු තම නිවාස වෙත යෑමට සිදුවන්නේ සවස 2.00ත් 3.00 ත් පසු වී පැය ගණනක් රස්තියාදු වීමෙන් පසුව බවයි. ඒ නිසා ඔහුද අවධාරණය කර තිබුණේ තමන් නියෝජනය කරන නව රජයක් යටතේ මීගමුව රෝහලේ ගුණාත්මකභාවය වැඩි කිරිම කෙරෙහි හැකි උපරිම උත්සාහයක් ගන්නා බවය

මීගමුව රෝහලට නව රෝහල් අධ්‍යක්ෂිකාවක් පැමිණ ඇත. එම නව අධ්‍යක්ෂකවරිගෙන්ද මීගමුවේ බොහෝ දෙනකු ඉල්ලා සිටින්නේ හිටපු අධ්‍යක්ෂවරයාමෙන් මහජන මුදල් කාබාසිනියා නොකර අනවශ්‍ය ඉදිකිරීම් වැනි දේ සිදු නොකර රෝහලේ ගුණාත්මකභාවය වර්ධනය කරමින් අත්‍යවශ්‍ය දේ පමණක් සිදුකර රෝහලට පැමිණෙන රෝගීන් හට යහපත් සුව සේවාවක් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසය

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here