මීගමුව රෝහලේ උත්සවයේදි නගරයේ ප්‍රධාන පුරවැසියා බිමට වැටුනේ ඇයි ?

0
56

15නගරයක ප්‍රධාන පුරවැසියා වන්නේ එහි නගරාධිපතිවරයායි.
ඒ අනුව මීගමුව නගරයේ නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා ප්‍රධාන පුරවැසිය වෙයි.
රාජතාන්ත්‍රික නියමයන්ට අනුව නම් ජනාධිපතිවරයාව පිළිගත යුතුව ඇත්තේද නගරයේ ප්‍රධාන පුරවැසියා විසිනි.
තතු එසේව තිබියදි මීගමුව රෝහලේ නව ගොඩනැගිලි විවෘත කිරිමේ උත්සව අවස්ථාවේදි මීගමුව නගරයේ ප්‍රධාන පුරවැසියා වන ඇන්ටනි ජයවීර උත්සව සභාව අතරතුර වේදිකාවෙන් බිමට වි සිටිනු දක්නා ලදි.
අප මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් නගරාධිපතිවරයා කියා සිටියේ රෝහලේ උත්සව සංවිධායකන්  ප්‍රොටෝකොල් නොදන්නා බවය. මෙවැනි අවස්ථාවක වේදිකාවේ අසුන් පැනිවිමේදි ඒ ගැන කිසිදු සැලකිල්ලල් නොදක්වා පසුපෙළ අසුනක ඉඩක් තමන් වෙත ඇතැයි කිමම ඔවුනගේ මේ නොදන්නා බව කියාපෑමක් බවද ඔහු පවසා සිටියේය.
මේ අතර තිරයෙන් පිටු පස කථාවලින් කියැවුනේ මෙම  වේදිකාව ඇතුළු උත්සව සංවිධාන කටයුතු වෙනුවෙන් මීගමුව මහනගර සභාව රු ලක්ෂ 2 කක් මුදලක්ද වැය කළ බවය.
එහෙත් මේ උත්සවයේදි ඒ සදහා නම ගියේ නිමල් ලංසාගේය.හම ගියේ ඇන්ටනි ජයවීරගේය.
jayawera at hospital