මීගමුව රෝහලේ හෙද නේවාසිකාගාරය අනාරක්ෂිතයි!

0
145

NGB-hospital-new-buildig-මීගමුව රෝහලේ හෙදියන්ගේ නේවාසිකාගාරයේ පවතින අනාරක්ෂිත බව පිලිබදව දැන් කලක සිට ප්‍රශ්ණයක් ලෙස මතුව තිබුනද එයට විසදුමක් ඉදිරිපත්ව නැත.පසුගිය දිනක මෙහි මුදල් සොරකමක්ද සිදුව තිබුණිනේවාසිකාගාරයේ දුරකතන පහසුකම් නැති නිසා ඇතිවිය හැකි හදිසි තත්වයකදි නේවාසිකව සිටින හෙදියන්ගේ සහය ලබාගැනිමට පවා නොහැකිවි තිබේ.නිදහසුනක් ලෙස පසුගිය දිනක ආහාර විසවිමක් හේතුවෙන් රෝහලට රැගෙන පාසැල් සිසුන්ට ප්‍රතිකාර ලබාදිම සදහා නේවාසිකාගාරයේ සිටින හෙදියන්ගේ සහයද අවැසි වුවද ඒ අයට දැනුම් දිමට දුරකතන පහසුකම් නොමැතිවිම ගැටලුවක් වි තිබුණි.මේ අනාරක්ෂිතබව සහ පහසුකම් පිලිබද ගැටලුව ගැන අදාල බලධාරින්ගේ අවධානය කඩිනමින් යොමුවනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.