මීගමුව රෝහලේ කාන්තා නේවාසිකාගාරයට හොරු පනියි.

0
199

NGB-hospital-new-buildig-මීගමුව රෝහලේ කාන්තා නේවාසිකාගාරය තුළ ඊයේ :27 දා- සොරකමක් සිදුවී තිඛේ. එදින රාත්‍රීයේ  සොරෙකු  ඇතුළුවී කාමරයක් බිඳ රු. 12000 ක් සහ ලියවිලි කිහිපයක් රැගෙනගොස් ඇත.27 වනදා  රාත්‍රි 6.45 ත් 7.15 ත් අතර සහ 28 වන දින උදේ 10.00 දක්වා මෙම හොරකම සිදුවූ කාලය ලෙස සැක කරන බව පොලිස් ආරංචි මාර්ග දක්වයි.
මෙම සිදුවීමට මුහුණ දුන් අචිනි උත්පලා නම් වයස 26 ක් පමණ වන මෙම ආධුනික හෙද නිලධාරීනිය 27 වනදින රාජකාරිය සඳහා රෝහ⁣ල වෙත ගිය අතර ඇය නැවත නේවාසිකාගාරයට පැමිනෙන විට (රාත්‍රි 7.00ට) අංක 7 දරන තමන්⁣ගේ කාමරයේ දොර විවෘතව තිබී ඇත. එසේම ඇඳුම් දමන අල්මාරිය විවෘත කර ඇඳුම් සහ බඩු බාහිරාදිය ඇද දමා තිබිණ. ඇගේ කාන්තා අත්බෑගයේ තිබුණු රු. 12000/ ක් සහ ජාතික හැඳුනුම්පත , හෙද නිල හැඳුනුම්පත , මහජන බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත රැගෙනගොස් තිබිණ.
මෙම හොරකම ගැන අපරාධ වි⁣මර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක චාමර ප්‍රදීප් ඇතුළු පො. කො. (45148) පෙරේරා , පො.කො. (88780) හඳුන්නෙත්ති යන අය සමඟ මීගමුව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ජේ. එම්. එස්. ජයනාත් මහතාගේද මෙහෙයවීමෙන් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.