මීගමුව රෝහලේ කුමාර වාට්ටුවට ඔක්කොම සල්ලි..?

0
29

මීගමුව පුරාවට පෝසටර් ව්‍යාපාරයක් අද දිනයේ දියත්ව තිබේ.එහි දැක්වෙන්නේ මීළග ඛේදවාචකය මීගමුව රෝහලද යනුවෙනි.
එය පුවත්පතක ප්‍රචාරත්මක පෝස්ටරයක් පමණක් වුවද ඉන් මතු කරසිටින්නේ බරපතල  තත්වයකි.
අප විසින් පසුගිය කාලය පුරාවට මතුකරන්නට යෙදුන ප්‍රධාන කරුණක් වුයේ මීගමුව රෝහලේ සමස්ථ අවශ්‍යතාවන් ගැන සොයා බලා ඒවාට ප්‍රමුඛතාවයන් අනුව විසදුම් දෙන සාමුහික සැලැස්මක් ක්‍රියාත්මක කරනවාද නැතිනම් එක් විශේෂඥ වෛද්‍යවරයෙකු විසින් දේශපාලන අනුග්‍රහයන් සමගින් ගොඩනගාගෙන ඇති සම්බන්ධතාවය මත පමණක් සම්පත් භාවිතය ගැන තින්දු ගන්නට ඉඩ සලසනවාද යන්නයි.
මේ අනුව මීගමුව රෝහලේ ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතා විසින් බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදනයන් යටතේ ඩෙංගු රෝගින් 17 දෙනෙකුට ප්‍රතිකාර කිරිම සදහා පැරණි වාට්ටුවක් පිළිසකර කොට ප්‍රයෝජනයට ගැනිම වෙනුවෙන් රු ලක්ෂ 550 ක් වැය කර ඇති බව අද ප්‍රසිද්ධ කරුණකි.
එය එසේ සිදුවෙද්දි අද මීගමුව රෝහල බරපතල අර්බුදයකට යවන ප්‍රශ්ණ ගණනාවක් මතුව තිබේ.
මේ ඇතම් දැ සුළු මුදලක් වැය කරමින් විසදාගත හැකි වුවද අර ලක්ෂ 550 වෙන්කෙරුනේ කුමාර වාට්ටුවක් වෙනුවෙන් පමණි.
මේවා ගැන රෝහල් බලධාරින් අද ප්‍රසිද්ධියේ සාකච්ජා කළ යුතු තත්වයක් මතුව තිබේ.
රෝහල් කමිටුව හා රෝහල් පදනමට පවා මේවා මගහැර යා නොහැක.