මීගමුව රෝහලේ කොරෝනා වාට්ටුවේ වැසිකිලිය අපායක් ?

0
190

(දෙවන සංස්කරණය – නිවරදි කිරිමකි )

මිගමුව රෝහල යළිත් නිරන්තරයෙන්ම පුවත් මවන රෝහලක් බවට පත්වෙමින් තිබේ.මෙයට ප්‍රධාන හේතුව වි ඇත්තේ රෝහල් පරිපාලන ප්‍රධානින් මිගමුව රෝහලට එන්නේ තමන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා යෑමට බලාගෙන වීම නිසාය.

ඒ නිසාම වැඩි වැඩ ගැන අතනොදා ඇගබේරාගෙන පාඩුවේ සිටිමට ඔවුන් පරිස්සම් වෙයි.

පණපිටින් රෝගියෙකු මෝචරියට යවන්නට යැයි කියන තරම් වු බරපතල වෛද්‍ය නොසැලකිල්ලිමත්කම් රෝහල තුල ඇතිවන්නේ ද ඒ නිසාමය.අඩුම තරමින් ඒ මාරාන්තික වරදින් පසුවවත් මූලික ප්‍රතිකාර ඒකකයේ කටයුතු යම් අධීක්ෂණයකට ලක්කිරිමට අදාල බළදාරිණිය කටයුතු කර තිබුනේදැයිද සැක සහිතය.

දැන් තවත් අවනඩුවකි.

ඒ 8 වෙනි තට්ටුව ගැනය
එහි 21 වාට්ටුව ගැනය.
කොරෝනා වාට්ටුව

එහි වැසිකිලිය අපායක් බව රෝගිහු කියති.කොරෝනා බියත් සමඟින් දිවි ගෙවන මේ රෝගීන්ට තවත් පිඩා ඇතිනොකර මුලික පහසුකම් ටික සලසා දිමට පියවර ගැනිම අදාල සියලු බලධාරින්ගේ වගකිමකි.