මීගමුව රෝහලේ ජලයට අසුචී කලවම් විමේ ප්‍රශ්ණයට තාම විසදුමක් නෑ ?

0
66

NGB hospital 1මීගමුව රෝහලේ ජලයට අසුචී කවලම් විම හේතුවෙන් මතුව ඇති බරපතල සෞඛ්‍ය අර්බුදයට මේ වනතුරුත් කිසිදු විසදුමක් ලැබි නැතැයි රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයන් කියා සිටිති.
මෙම අවධානම් තත්වය පරික්ෂණ වාර්තාවක් මගින් සනාථ කර තිබුනේ පසුගිය 25 වනදාය.
මේ සදහා සතියක් ඇතුළුත විසදුම් සපයන බව අප මීට කලින් කළ විමසුමකට පිළිතුරු දෙමින් රෝහල් අධ්‍යක්ෂක තුමිය කියා සිටියේය.
එතෙක් ජලය උණු කොට පානය කිරිමට යොදාගතහැකි ඇය තවදුරටත් කියා තිබුණි.
එහෙත් අප කළවිමසුමකදි කාර්ය මණ්ඩල සමාජිකයෙකු කියා සිටියේ පානිය ජල ප්‍රශ්ණය උණුකර විසදා ගතහැකිව තිබුණද රෝහලේ මුළුතැන් ගෙයි කෑම පිසිම ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය කාර්යයන් පිළිබදව තවමත් ඇත්තේ අවධානම් තත්වයක බවය.