මීගමුව රෝහලේ ජීව වායු ඒකකය පුපුරයි.??

0
211

DSCN0842පළාත් අපද්‍රව්‍ය කළමණකාරන අධිකාරිය විසින් ටෙන්ඩර් කැදවා ලක්ෂ 7 වියදමෙන් මීගමුව රෝහල තුල ඉදිකරන්නට යෙදුන ජිව වායු ඒකකය සවි කර දින කිපයක් යන්නට මත්තෙන් එය පුපුරා ගොස් ඇතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරි කාර්යාලයෙන් විමසා සිටි අවස්ථාවේ එහි වෛද්‍ය ජයන්ත මහතා පවසා සිටියේ මෙය ඉදිකර ඇති ස්ථානයේ පිහිටිම සහ දියසිරාව මේ සදහා බලපාන්නට ඇති බවයි.
මේ අතර රෝහලේ සේවකයන් අතර කථාබහට ලක්ව ඇත්තේ කිසිදු ප්‍රමිතියකින් තොරව සිදුකර ඇති මේ ඉදිකිරිම ගැන සම්බන්ධිකරණ කටයුතුවල නියැලි සිටි වෛද්‍යවරුන්ද මේ ගැන වගකිව යුතුව තිබෙන බවයි.
පසුගිය දිනක සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල සිදුකෙරෙන ඉදිකිරිම් වල ප්‍රමිතිය පිළිබදව ගැටළුකාරි තත්වයන් ගැන ප්‍රසිද්ධියේ විවේචනයක්ද ඉදිරිපත් කර තිබණි.
මෙම ව්‍යාපෘතිය පළාත් අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරිය විසින් ක්‍රියාත්මක කර තිබුන අතර ටෙන්ඩර ලබාදි තිබුනේද ඔවුන් විසින්මය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here