මීගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 100 ක් …?????

0
117

මීගමුව තුල ඩෙංගු වසංගත තත්වයක් වර්ධනය වෙමින් ඇත. මේ දිනවල ප්‍රධාන ධාරවේ මාධ්‍ය විසින් මෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයාද මේ බැව් අවධාරණය කර තිබුණි.2012 ජනවාරි 16 වනදා උදේ 10 වන විට මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින් ගණන  98 කි. 15 වෙනිදා රෝගින් 88 නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියේය.මේ අනුව මෙතෙක් වාර්ථා වු වැඩිම රෝගින් ගණන ඊයේ වාර්ථා වි තිබුණි. මින් 43 දෙනෙකු වාට්ටු අංක 4 ( පිරිමි)ද 40 ක් 3 වන වාට්ටුවේද ( කාන්තා )12 දෙනෙකු ළමා වාට්ටුවේද ප්‍රතිකාර ලබමින් සිටි.මේ අතර දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගින් ගණන 8 දෙනෙකි. ජනවාරි 15 වනදා වන විට එහි සිට ඇත්තේ රෝගින් 3 දෙනෙක් පමණි.මේ අනුව මීගමුවේ ඇති භායනක තත්වය තේරුම් ගැනිම පහසු වනු ඇත.

ප්‍රදේශ අනුව සලකා බලන විට වැඩිම රෝගින් පිරිසක් වාර්ථා වි ඇත්තේ අසරප්පා පාර,රහුමානා බාත්,ලාසරස් පාර,ලුවිස් පෙදෙස,සහ පුම්මා මජීඩි යන ප්‍රP1130104 Copy1දේශ වලිනි.මේ අතර ඇති තවත් එක් සුවිශේෂි කරුණක් වන්නේ මීගමු උසාවිය, පොලිසිය , සහ තැපැල් හල රාජ්‍ය සේවා ආයතන 3 නෙන්ම දැනටම ඩෙංගු රෝගින් වාර්ථා වි තිබිමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here