මීගමුව රෝහලේ ඩෙංගු වාට්ටුවලින් මහ රෑත් අපට පැමිණිලි…?

0
286

tmp_4776-image-0-02-06-ee14b58452bb245a02aac43f2ad5c4b89bee02d865d21b4523e4e29cdced4e2c-V1319157621මීගමුව රෝහලේ ඩෙංගු වාට්ටුවල සිටින රෝගින් ගේ ඥාතින්ගෙන් දිනපතා පැමිණිලි අප වෙබ් අඩවියට ගලා එන්නට පටන්ගෙනය.
අද රාත්‍රියේ  පමණක් එවන් පැමිණිලි 3 කි.
ඒවායින් කියැවෙන්නේ සිදුකර ඇති රුධිර පරික්ෂණ වාර්ථා වාට්ටුවට ගෙන ඒම සදහා වත් කව්රුත් නැති බවය.
ඇත්තය.
අප මේ දිනවල දිගින් දිගටම මතුකරමින් සිටින්නේ මේ ප්‍රශ්ණය ගැනය.
එහෙත් බොහොමයක් රෝගින්ගේ ඥාතින් මේ ඇත්ත ප්‍රශ්ණය තේරුම් ගෙන ඇති බවක් නොපෙනේ ..
ඔවුන් දකින්නේ මේ අතපසුවිම් රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිලිමත් කම නිසා සිදුවන බවය.
මීගමුව රෝහල තුල පවතින් මේ තත්වය නිවරදිව පළමුව තේරුම්ගත යුතුව ඇත්තේ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගින් සහ ඔවුන් ගේ ඥාතින්ය.
රෝහලේ ඇති මේ  භායනක තත්වය වෙනස් කරගැනිම සදහා අදාල බලධාරින් ඇස් අැරවන්නට මුලපිරිය යුතුව ඇත්තේ ඔවුන්ය.
මේ තරම් බරපතල අර්බුදයක් මීගමුව රෝහල තුල පවතිද්දි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පසුගිය දිනක මීගමුව රෝහලට පැමිණ තිබුනේ වෘත්තිය සමිතියකට බයවි එහි නායකයෙකුගේ ස්ථාන මාරුවක් අවලංගුකර ගැනිම ගැන සාකච්ජා කරන්නටය.
ඔහු පැමිණ දිනට පසු දින සිට පිට පිට දින 2 කදි ඩෙංගු රෝගින් දෙදෙනෙකු මිය ගියේය…..
වෘත්තිය සමිතිවලටත් සෞඛ්‍ය ලොක්කන්ටවත් මේ රෝහලෙන් වැඩක් නැත,
එහි ඇති ප්‍රශ්ණය විසදිම සදහා මුලපිරිය යුතුව ඇත්තේ අන් කව්රුත් නොව මීගමුවේ ජනයාය එමෙන්ම ඔවුන්ට නායකත්වය දෙන ආගමික නායකයන් සහ දේශපාලන බලධාරින්ය.