විශේෂ වෛද්‍ය ලක්කුමාර මහතා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලය අපමණ වෙහෙසක් දැරුවද රෝහලේ පවතින බරපතල උපකරණ හිගය සහ කාර්ය මණ්ඩලය මදිවිම නිසා පවතින තත්වය තවත් අර්බුදයට යමින් මිනිස් ජිවිත වලින් වන්දි ගෙවන්නට සිදුව ඇති තත්වයක් කරා ගමන් කරමින් තිබේ.
ඊයේ රාත්‍රි කාලයේ එක් දරුවෙකු ජිවිත්ක්ෂයට පත්ව තිබුණ අතර මාස 08 ක් වයසැති තවත් දරුවෙකු දැන් බරපතල අවධානම් තත්වයකින් පසුවන බවද කියැවේ.
විශේෂිත ඩෙංගු ඒකකයක් තිබුනද එහි ඇත්තේ ඇදන් 17 ක් පමණි. එයිනුත් තත්වය දරුණු වන්නේ රෝහලේ දැඩිසත්කාර ඒකකයට රෝගියා මාරුකර යැවිම දැන් මහත් අර්බුදයක් වි ඇත්තේ එහි ඇති ඇදන් ගණන 4 නිසාවෙනි.
ඊයේ රාත්‍රියේ මිය දරුවාවට දැඩිසත්කාර ඒකකයක ජිවිත ආරක්ෂාව සලසා දිම සදහා බරපතල අරගලයක් කරන්නට වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලයට සිදුව තිබුනේ මේ යථාර්ථය හමුවේය.
ලංකාව පුරා මීගමුව රෝහල ඩෙංගු රෝගයට ප්‍රතිකාර කිරිමට ඇති ප්‍රසිද්ධය නිසා දිවයින පුරා උණ රෝගින් මීගමුව කරා ඇදි එන්නට පටන් ගෙනය.ඒ පසුගිය කාලය තුල කිසිදු ඩෙංගු රෝගියෙකු මිය යන්නට නොදි ජිවිත ආරක්ෂාව ලබාදෙන බවට රටපුරා එය ප්‍රසිද්ධියට පත්ව තිබිම නිසාය.
නිදසුනක් ලෙසින් ඊයේ රාත්‍රියේ ජිවිතයෙන් සමුගත් වයස අවුරුදු 10 දරුවා මීගමුවට රැගෙන විත් තිබුණේ ජයවර්ධන පුර රෝහලේ සිටියදිය.
ඒ දෙමව්පියන් මොරටුවේ පදිංචි අයවලුන් වුහ
එහෙත් දැන් තත්වය වෙනස්ව තිබේ.ඒ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩල ගැටළුවක් නිසා රෝහල තුල ප්‍රතිකාර ලබාදෙන්නට සිදුව ඇති රෝගින් ගණන වැඩිවි තිබිම නිසාවෙනි.
මේ තත්වය නිසාම පසුගිය මාස 2 ක කාලය තුල ඩෙංගු වැළදුන රොගින් 5 දෙනෙකු මිය ගොස් තිබේ
.මේ තත්වය හමුවේ එක්කෝ පිටපළාත්වලින් පැමිණෙන රෝගින් හට මෙහි සත්‍ය තත්වය දැනුවත් කළ යුතුව තිබේ.
නැතිනම් රජය මැදිහත්වි කඩිනමින් මේ ප්‍රශ්ණයට විසදුම් සෙවිය යුතුව තිබේ.
මේ බරපතල තත්වය හමුවේ මීගමුවේ කතෝලික පල්ලිය ඇතුළු සියළු සමාජ කණ්ඩායම් දේශපාලන අධිකාරිය පෙරට පැමිණ සිය වගකිම් ඉටුකළ යුතුව තිබේ.
Pics- from Internet
Save
Save
Save
Save
Save