මීගමුව රෝහලේ තට්ටු ගොඩනැඟිල්ලෙේ අවදානම ගැන පොලිසියට පැමිණිල්ලක් ..!

0
58

12001 වසරේදි මීගමුව රෝහලට එක්වු මහල් 7 තකින් යුත් ගොඩනැගිල්ල දැන් කොයි මොහොතේ හෝ කඩාවැටිමේ අවධානමක පවතින්නේ යැයි කියමින් මීගමුව රෝහල් පදනම සහ තවත් ජේෂ්ඨ පුරවැසියන් එක්ව අද මීගමුව පොලිසිය වෙත පැමිණිල්ලක් කරමින් කියා සිටියේ ඇතිවිය  හැකි දැවැන්ත ඛේදවාචකයක් වලක්වා ගැනිම සදහා අධිකරණමය ක්‍රියාමාර්ගයට පිවිසිමට මුලපුරන ලෙසය.
මේ ලිඛිත පැමිණිල්ල මීගමුව පොලිස් ස්ථානාධිපති සමන්තිලක මහතා වෙත අද පෙරවරුවේ භාරදි තිබුණි.
මේ පැමිණිල්ල කිරිම සදහා මීගමුව රෝහල් පදනමේ සභාපති අක්ෂි විහේෂඥ ඉයන් මහතා,අඟුරුකාරමුල්ල මහපන්සලේ ගරු කොන්දගම්මුල්ලේ ඥානසිරි ස්වාමින්වහන්සේ ,වැල්ලවිදියේ හිටපු මිසම් සේවක ගරු රොසයිරෝ පියතුමා මීගමුව වෙළද ව්‍යාපරිකයන්ගේ සංමයේ සභාපති බර්නාඩ් මහතා ,නිතිඥවරුන් නියෝජනය කරමින් නිතිඥ ගොඩ්ප්‍රි කුරේ,නිතිඥ ටියුඩර් බුලත්වෙල,සහ නිතිඥ වින්සන්ට් බුලත්සිංහල යන මහත්වරුන් එක්ව සිටියහ.
එමෙන්ම මීගමුව හිටපු නගරාධිපති හර්මන් කුරේරා සහ රෝහල් කමිටුව සංවිධායක මාකස් යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
24