මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ල මාස 3 කින් හදනවා කියා රු කෝටි 3ක් අරගත්තු උපදේශකවරයා කෝ ???? ?

0
96

මීගමුව රෝහලේ සත් මහල් ගොඩනැගිල්ල එවකට පැවැති කොමිස්කාර දේශපාලනය විසින් වසර 10 ක කාලයක් තුල කඩ වැටෙන තත්වයක්  නිර්මාණය විමෙන් පසුව මහත් වු අර්බුදයකට ගමන්කර තිබුණි .NGB-hospital-new-buildig-
මෙම ගොඩනැගිල්ලේ ඇති අවධානම ගැන මුලින්ම පොලිසියට පැමිණිලි කර සිටි වෛද්‍ය ඉයන් මහතා ප්‍රමුඛ සිවිල් ක්‍රියාධරයන් පසුව මීගමුව සාසනාරක්ෂක බලමණ්ඩලය හා එක්ව විරෝධතාවක්ද සංවිධානය කර තිබුණි.
වෛද්‍යවරුන් පවා වරක් පාරට බැස මේ සත්මහල් ගොඩනැගිල්ල ගැන රටට කරුණු කියන්නට යෙදුණි.
කෙසේ වෙතත් මේ බලපෑම් හමුවේ රජයේ අවධානය යොමුවු අතර රජය ප්‍රතිචාර දක්වන්නට පටන් ගනිද්දි  එයට ප්‍රතිචාර දක්වමින් පැමිණි ළමා විශේෂඥ වෙද්‍යෙ ලක්කුමාර මහතා ඔහු දන්නවා යැයි කියමින් එකල මිගමුව රොහලේඑ කම ගැලවුම්කාර බදුවු අයෙකු ලෙස මහාචාර්ය ජයසිංහ නැමැත්තෙකු හදුන්වා දුන්නේ මීගමුව රෝහලට අඩුවියදම් තාවකාලික ගොඩනැගිලි මෙන්ම සත්මහත් ගොඩනැගිල්ලද මාස කිපයකින් දෙනවා යැයි කියමිනි.
එහෙම පිටින්ම වන් මැන් ෂෝ එකක් වු මෙම ව්‍යාපෘතිය විශේෂඥ වෛද්‍ය ලක්කුමාර විසින් පමණක් හසුරුවන්නට විය.
සත්මහල් ගොඩනැලිල්ල එහි ප්‍රතිසංස්කරණ වැඩ නිමවා දිමට පොරොන්දුව සිටියේ 2015 දෙසැම්බර් මස 31 වනදාය.
දැන් 2019  ජුනි මාසසයි
මාස 3 කින් ගොඩනැගිල්ල යථාතත්වයට පත්කරනවා යැයි කියු කව්රුත් දැන් නම් නැත.
ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාරද නිහඩය.
කොටින්ම කියනවා නම් දැන් ඔහු මිගමුවේද නැත.මිගමුව රෝහල ගොඩනැගිල්ල පිළිසකර කිරිම් අවසන් කිරිමට පොරොන්දු කාලයට වඩා දැන් 3 ක්ද ඉක්මවා ගොසිනි.
මහාචාර්ය ජයසිංහට සිදුවුයේ කුමක්දැයි කිසිවෙකුත් නොදනි
එහෙත් එකි මහාචාර්යවරයා සිය උපදේශන ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 300 ක් පමණ රැගෙන ඇති බව නම් දැන් ප්‍රසිද්ධ රහසකි.
පසුගියදා මිගමුවේ පැවැති උත්සවයකදි නිමල් ලංසා සිය කථාවේදි මේ කටුක ඇත්ත සගවා වෛද්‍ය ලක්කුමාරව අගයන්නට කටයුතු කර තිබුණි.එහෙත් ඇත්ත නම් මිගමුව රෝහල අද පත්ව ඇති අර්බුදයට ප්‍රධාන වශයෙන්ම වගකිව යුත්තා ලක්කුමාරය. තනිකරම පුද්ගලික න්‍යාය පත්‍රයක් තුල කටයුතු කරගෙන යමින් හිතවක්කාරි ලෙස ගනු ලැබු තින්දු අද මිගමුව රෝහලට කණකොකා හඩන තත්වයකට පත්ව තිබේ.
මිගමුවටත් ජනතාවට සැබැවින්ම නිමල් ලංසා ආදරේ  නම් ඔහුගේ ගෝලයන් ලවා එදා හු කිව යුතුව තිබුනේ වෛද්‍ය ලක්කුමාරලා වැනි අයටය.