මීගමුව රෝහලේ තවත් ඩෙංගු මරණයක් !

0
57

NGB hospitalඩෙංගු පිළිබද තත්වය මිගමුවට යළිත් වරක් මහත් වු ඛේදවාචකයක් බවට පත්ව තිබේ. ඊයේ දිනයේද මිගමුව රෝහල තුල තවත් ඩෙංගු මරණයක් සිදුව තිබේ.
අගෝස්තු මුල් දින 10 තුලදිද ඩෙංගු මරණ දෙකක් සිදුව තිබුණි.
මේ සියල්ල සිදුවන්නේ විශාල මුදලක් වැය කරමින් ඩෙංගු සදහා වු වෙනම ඒකකයක්ද ස්ථාපිත කර ඇති පසුබිමකය.
වාර්ථා වන අන්දමට මිය ගොස් ඇති රෝගියාගේ තත්වය බරපතල වි  තිබුනේ ඊයේ රාත්‍රි 11 ට පමණය.
එහෙත් වාට්ටුව භාරව සිටින වෛද්‍යවරිය ඒ මොහොතේ සිට ඇතැයි වාර්ථා වන්නේ නවලෝක රෝහලේ රෝගීන් සදහා  ප්‍රතිකාර කරමිනි.ඇය නැවත පැමිණ තිබුනේ අලුයම 1 පමණ යැයිද වාර්තා වේ.කෙසේ වෙතත් සති දෙකක පමණ කාලයක් තුල මීගමුව රෝහලේ තෙවැනි ඩෙංගු මරණයද දැන් වාර්ථා වි ඇත.