මීගමුව රෝහලේ නව අධ්‍යක්ෂකවරියට මාධ්‍ය භීතිකාවක් ?

0
36

NGB hospitalමීගමුව රෝහලේ නව අධ්‍යක්ෂකවරිය මාධ්‍ය භිතිකාවකින් පෙළෙන බව වාර්තා වේ.රෝහලේ අඩුපාඩු මාධ්‍ය මගින් පෙන්වා දිම ගැන අකමැත්තකි දක්වන ඇය අවස්ථා දෙකකදිම සිය විරෝධය පළ කර තිබුණි
මෙහි පළමු අවස්ථාව වුයේ රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ මීගමුව කණ්ඩායම විසින් සංවිධානය කර තිබුණ පුවත් පත් සාකච්ජාවට සිය විරෝධය පළ කර සිටිමයි.
අනික් අවස්ථාව වන්නේ අද දිනයේ හෙද නිළධාරින්ගේ සංගමයේ සමන් රත්නප්‍රිය මීගමුව රෝහලට පැමිණිම හා එහි අඩුපාඩු ගැන කථාකරගැනිම සදහා මාධ්‍යවේදින් කැදවාලිම සදහා හෙද නිළධාරින් විමසා සිටි අවස්ථාවේදි එයට සිය අකමැත්ත ප්‍රකාශ කර සිටිමයි.
නව අධ්‍යක්ෂකවරියගේ දැනගැනිම සදහා එක් කරුණක් පමණක් මතක් කර  දිය යුතුව තිබේ.
එනම් මීගමුවේ රෝහලේ ගොඩනැගිලි ප්‍රශ්ණය ඇතුළු තවත් කාරණා බොහොමයක් ගැන රටේ බලවතුන්ගේ අවධානය ට යොමුකරමින් ඒවා විසදා ගැනිම සදහා පුලුල් සහයක් ලබාදි තිබුණ බවය.