( 4.00 pm ) මීීගමු රෝහල සඳහා නව අධිකරණ වෛද්‍ය සංකීර්ණයක් ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ රෝහල බස්නාහිර පළාත් සභාවෙන් පාලනය වන කාලයේදීය. ඒ එවකට හිටපු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් වු රොයිස් විජිත ප්‍රනාන්දු මහතාගේ පළාත් සභා ප්‍රතිපාදන මගින් එය ඉදිකිරීම ආරම්භ කරන ලදී. එහෙත් 2021 වසරෙන් පසු එම ඉදිකිරීම අතරමග නැවතී තිබේ.
මෙලෙස අතරමග නැවතී ඇති මීගමු රෝහලේ අධිකරණ වෛද්‍ය සංකීර්ණය ඉදි කිරීම සඳහා වන කටයුතු නැවත ආරම්භ කිරීමට මීගමු ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ අවධානයට ලක් කරමින් ,මීගමු රෝහලේ සැලසුම් අංශයේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය නිෂානි ප්‍රනාන්දු මහත්මිය විශේෂ අවධාරණයක් සිදු කළාය.
නිෂානි ප්‍රනාන්දු වෛද්‍ය මහත්මිය මේ අදහස් පළ කළේ මාර්තු මාසය සඳහා වන මීගමුව සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදීය.
මහින්ද ජයසිංහ සහ සුගත් තිලකරත්න යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සභාපතිත්වයෙන් යුත් මීගමු සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා මීගමු නාගරික කොමසාරිස්වරිය සහ ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු රාජ්‍ය නිලධාරින් නිලධාරීන් පිරිසක් සහභාගි වූ එම රැස්වීමේදී වෛද්‍ය නිශානි ප්‍රනාන්දු මහත්මිය මීගමු රෝහලේ අධිකරණ වෛද්‍ය සංකීර්ණය පිළිබඳව මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් එම වෛද්‍යවරිය ප්‍රකාශ කළේ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය ද පිහිටා තිබෙන නිසාත් බන්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ මීගමු රෝහලට ළඟින් පිහිටා තිබෙන නිසාත් විශේෂයෙන්ම විදේශවල සිට ගුවන් ගමන් වලදී සහ, ගුවන් යානා තුළදී මිය යන විදේශිකයන්ගේ මෘත දේහ සියල්ලම මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට අනුබද්ධිත රෝහල් මෝචරියට රැගෙන එයා. එමෙන්ම මීගමුවේ පිහිටි සංචාරක හෝටල්වල විදේශ සංචාරකයන් මියගිය අවස්ථාවල පවා එම මෘත දේහ රැගෙන එන්නේ රෝහල් මෝචරිය වෙතය. එලෙසම නිතරම රෝහලට විදේශිකයින් පැමිණෙන විට ඒ අයගේ අධිකරණමය වෛද්‍ය කටයුතු සිදුකිරීමටත් රෝහලේ විධිමත් අධිකරණ වෛද්‍ය සංකීර්ණයක දැඩි අත්‍යවශ්‍යතාවයක් පවතින බව එහිදී ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය. රෝහලේ මෝචරිය ඇතුළුව මෙම අධිකරණ වෛද්‍ය සංකීර්ණය ඉදිකිරීම ආරම්භ කළේ පළාත් සභාවෙන් පාලනය වන කාලය බවත් 2021 වසරේ රෝහල මධ්‍යම රජයට පවරා ගත්තත් ඉන්පසුව රටේ පැන නැගුනු ආර්ථික තත්ත්වය සමඟ මෙම ඉදිකිරීමට ප්‍රතිපාදන නොලැබුණු බවත් ඒ නිසා එය අතරමඟ නැවතී ඇති බව ඇය මෙහිදී ප්‍රකාශ කළාය.
මෙම අධිකරණ වෛද්‍ය සංකීර්ණය සඳහා යෝජිත සහ සැලසුම් කර ඇත්තේ නව දෙමහල් ගොඩනැගිල්ලක් වන අතර පසුගිය මාර්තු 05 වැනි දින සෞඛ්‍යංශයේ අතිරේක ලේකම්වරයාගේ (ඉංජිනේරු) මූලිකත්වයෙන් පැවැත්වූ රැස්වීමකදී එම ප්‍රතිපාදන ලබා දෙන බව ප්‍රකාශ කළ බව පැවසු නිෂානි ප්‍රනාන්දු වෛද්‍යවරිය මීගමු සම්බන්ධීකරණ කමිටුවෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් නිසි ලෙස දැනුවත් වී ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි.