මීගමුව රෝහලේ පමණක් තුවාලකරුවන් 216 ක් තිදෙනෙකුගේ තත්වය බරපතලයි

0
122

අද කටුනායක පැවැති උද්ඝෝෂණයට එල්ල වු අමානුෂික පොලිස් ප්‍රහාරය හේතුවෙන් මීගමුව රෝහලට පමණක් තුවාලකරුවන් 216 ක් ඇතුලත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.මෙයින් තිදෙනෙකුගේ තත්වය බරපතල අතර වෙඩිවැදිම හේතුවෙන් අද දහවල් රෝහල්ගතකළ සේවකයා ශල්‍යකර්මයකින් පසු දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර තිබේ.හිසෙහි වු දරුණු තුවාල සහිත කම්කරුවන් දෙදෙනෙකු කොළඹට මාරුකර යවා ඇත.අද දහවල් 12.30 පමණ වන විට එහි ඇතුලත් කර තිබුනේ ඒක් කම්කරුවෙක් පමණි.සවස් වන විට මේ ගණන සිය ගණනින් වැඩිවුයේ තුවාලකරුවන් කම්හල්භුමිය තුල සිටියද පොලිසිය මේ කම්කරුවන්ට එලියට එන්නට ඉඩක් නොදිම හේතුකොටගෙනය.

පසුව ගම්වාසින් මැදිහත්ව කම්හල් වටකර ඇති තාප්ප කඩා කම්බිවැටවල් කපා කම්කරුවන්ට කම්හල් භූමියෙන් ඉවත්වන්නට ඉඩසලසා දි ඇත.මෙසා විශාල ගණනක් තුවාල ලබන්නට හේතුවි තිබුනේ පොලිසිය විසින් කම්හල් ඇතුලට ගොස් එහි සිටි සේවකයන්ට එලව එලවා පහරදිම හේතුකොටගෙන අපට කරුණු කී සේවකයන්ගේ අදහසයි.

අපිට ගැහැව්වේ අපි බත්කකා ඉන්න කොට අපේ ලමයින්ගේ බයිසිකල් කඩලා ඔපිස් ඇතුලේ බඩුත් පොඩිකරලා.සේවිකාවක් පවසා සිටියේය.

අද සවස යාමය තෙක්ම නිදහස් වෙළද කලාප ප්‍රධාන ගේට්ටුව අසල ගැටම්කාරි තත්වයක් පැවැතුන රාත්‍රි 6.30ට පමණක් ඇවරිවත්ත පන්සල අසල රැස්ව සිටි කම්කරුවන් හට පොලිස් කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල විය.P1070477 new