මීගමුව රෝහලේ පරිපාලනයට එරෙහිව කැරලි ගසන මාෆියාවේ පැටිකිරිය මෙන්න ! ?

0
88

මීගමුව රෝහල හෙටට ගැලපෙන අයුරින් විධිමත් කිරිම සදහා වත්මන් අධ්‍යක්ෂකවරියගේ පාලනය යටතේ පියවර ගනිමින් තිබේ.
මේ අනුව කුණු වලක් ලෙස පැවැති රෝහල් භූමියේ පිටුපස දැන් විධිමත් ලෙසින් කසල කළමණාකරණ වැඩපිලිවෙලක් තුල නිසි කසල වර්ගිකරණයක් හරහා නියමආකාරයෙන් විධිමත් වෙමින් තිබේ.
පසුගිය කාලය තුල ඉන්නත් කටු ඇතුළු බොහෝ දේ රෝහල් භුමිය තුලම පුච්චා දැමිමට කටයුතු කළද දැන් ඒවා ඉන්සිලරේටරයක ආධාරයෙන් ප්‍රමිතියෙන් යුතුව පුළුස්සා දැමේ.
මේ සියල්ල එසේ සිදුවෙද්දි රෝහල තුල සිදුවෙමින් ඇති විවිධ අනාරක්ෂිත ක්‍රියාවලට පිළියමක් ලෙසින් දැන් CCTV කැමරා පද්ධතියක්ද සවිකිරිමට පියවර ගනිමින් තිබේ.
මේවා ඉහුලුම් නොදෙන හොරවැඩ වලට කප් ගැසු කඩාකප්පල්කාරින් පිරිසක් දැන් රෝහලේ පරිපාලනයට එරෙහිව ව්‍යාජ කතා පතුරුවමින් අර්බුදයක් නිර්මාණය කිරිමට පියවර ගනිමින් සිටින බව වාර්ථා වේ.
මේ පිටුපස සිය සේවාව පවා නිසි ලෙසින් ඉටු නොකරන  වෘත්තිය සමිතිවලට සම්බන්ධ චරිතයක් ද සිටින බව සැලය.
හෙදියක වන සිය බිරිදට උපරිම ලකුණු ලබාදි අංක එකට කප් ගැසු ඒ කථාව මිගමුව රෝහල තුල පමණක් නොව මුළු රටේම නොදන්නා රෝහලක් නැති තරම්ය.
ප්‍රසන්න රණතුංග විසින් බස්නාහිර පළාතේ රෝහල්වලට මුදාහැර ඇති වැඩනොකර පඩි ගන්නා කල්ලියක ඇතැම් සමාජිකයන්ද මේ කඩකප්පකාරි ක්‍රියාපිළිවෙල පිටුපස සිටින බව කියැවේ.
CCTV කැමරා පද්ධතියට වැය වන මුලද රු 980,000.00 ක් පමණ වෙද්දි එය ලක්ෂ 95 ලෙසින් අමුලික පචයක් පතුරුවා තිබේ.එක්කෝ අදාල මාධ්‍යවේදියා බොරු ලියා ඇත.නැතිනම් මාධ්‍යවේදියාට තොරුතුරු ලබාදුන් අය බොරු කියා ඇත.එසේත් නැතිම් මේ දෙගොල්ලන්ම හරියට ගණන් කියවා ගන්නට බැරි ප්‍රශ්ණයක් තිබෙන්නට පුළුවනN todayවාර්ථාකරණයේදි වැරැද්දක් සිදුවුණි නම් මේ ගණන් හිලව් යළි නිවරදි කොට පළ කිරිම සාමාන්‍ය සම්ප්‍රදායයි.
ඇත්ත ගණනට වඩා රු ලක්ෂ අසුවක් පමණ වැඩියෙන් සටහන් කිරිම මොන තරම් පචයක්ද ?
එලෙස වගකිමක් නැතිව හැසිරෙන මාධ්‍ය මෙන්ම  එවන් මාධ්‍යකරුවන්ට පච පුවත් ලබාදෙන බිරිද ලොක්කා කිරිමේ නිළ ගාය අම්බානකට වැදි ඇති වෘත්තිය සමිති බාප්පලාද එකතුවි මීගමුව රෝහල තවත් අර්බුදයට යැවිමට කටයුතු කරමින් සිටි.මීගමුව රෝහල යනු ලංකා ඉතිහාසයේ රෝහලකදි සිදුවු අති අමානුෂික ඝාතනය සිදුවු තැන බව දැන් මේ සියල්ලන්ටම අමතකව ගොස් ඇතිවා සේය.දැන් පරණ බඩු කඩවලට පවා CCTV කැමරා පද්ධති සවිකරද්දි රෝහලකට එවැන්නක් ස්ථාපිත කිරිමට විරුද්ධ මෝඩයන් මේ යුගයේ සිටිම සිනාසිමට කරුණක් මිස අන් කවරක්ද ?

රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු ගැන මෑතක පැවැත්වු සාකච්ජාවකි.

මීගමුව රෝහල කලාපයේ හොදම රෝහල කිරිම සදහා දශකයකටත් අධික කාලයක සිට තනි අරගලයක නිරත මාධ්‍යයක් ලෙස අප එදාටත් වඩා ජවසම්පන්නව ඒ අරමුණ වෙනුවෙන් කටයුතු කරන්නෙමු.
ඒ වෙනුවෙන් මුළු මීගමුවේම යුක්තිගරුක ජනයා පෙළගස්වන බවද මෙහිලා සටහන් කරනු කැමැත්තෙමු.