මීගමුව රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සේවයට වාර්තා කරයි

0
52

 මීගමුව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පැවසූ පරිදි අද මීගමුව රෝහලේ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සියලූම දෙනා රෝහලේ සේවයට වාර්තා කර ඇත. එමෙන්ම පසුගිය දින වලදී එම වැඩ වර්ජනය හේතුවෙන් අත්හිටුවා  තිබූ සියලූ අත්‍යඅවශ්‍ය සේවාවන් අද දවසේ ක‍්‍රියාත්මක බවද ඔහු පැවසීය. එමෙන්ම අද දින ක‍්‍රියාත්මක වන සුළු සේවකයින්ගේ වැඩ වර්ජනය මීගමුවේද  ක‍්‍රියාත්මක වන අතර එයින් රෝහලේ වැඩ කටයුතු වලට විශාල බාධාවක් සිදු නොවන බව ද වෛද්‍ය අධිකාරිවරයා ප‍්‍රකාශ කළේය. අද මීගමුව රෝහලේ සුළු සේවකයින් 116ක් සේවයට වාර්තා කර ඇති බවත් වාර්තා විය.