මීගමුව රෝහලේ ප්‍රතිසංස්කරණයට සහ නඩත්තු වලට මිලියන 500ක්

0
73

1මීගමුව රෝහලේ උද්ගතවී ඇති වර්තමාන තත්ත්වය හා ඒ වෙනුවෙන් මේ වනවිට රජය විසින් ගැනීමට යෝජිත පියවරයන් ගැන   කතිකා කර ගැනීමේ සාකච්ඡාවක් අද සවස 4.00 ට පමණ මීගමුව රෝහලේ දී පැවැත්විණී.
මේ සදහා සෞඛ්‍ය අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා සහභාගී වූ අතර එහිදී රෝහලේ වෛද්‍ය අධිකාරීතුමිය විසින්  මේ වනවිට රෝහලේ කටයුතු පවත්වාගෙන යන ආකාරය  පිළිබදව සභාව දැනුවත් කරන ලදී. එමෙන්ම මේ වනවිට රජය විසින් පොරොන්දුවී ඇති මිලියන 300 ට අදාළව සිදුකිරීමට ඇති රෝහලේ වර්තමාන පරිපාලන කටයුතු වෙනුවෙන්  දැනට වියදම් වන ආකාරය ද පැහැදිලී කරන ලදී. මෙම සාකච්ඡාව අතරතුරදි සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද්දේ නඩත්තු කටයුතු සහ අබලන්වූ රෝහලේ පිළිසකර කිරීම් සදහා  මිලියන 500ක් දිය හැකි බවයි. එමෙන්ම ඒ පිළිසකර කිරීම් කටයුතු සාර්ථකව සිදුකිරීම සදහා වෛද්‍ය ලක්කුමාර මහතාට සහ නිමල් ලාන්සා මහතාට බාරකරන බවද  තවදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අවස්තාව සදහා  නි.ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , බස්නාහිර බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය අමාත්‍ය රංජිත් සෝමවංශ , පළාත් සභා මන්ත්‍රී නිමල් ලාන්සා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් විජිත, බ.ප.මන්ත්‍රිණී රෝස් ප්‍රනාන්දු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන්     සහ රෝහල් කාර්ය මණ්ඩයත්,මීගමුව මහ රෝහල සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් ද සහභාගී වූහ.
මෙම අවස්ථාවේදී රෝහලේ නව ගොඩනැගිල්ලේ 05 වන තට්ටුව හා අවට විමර්ශනය කිරීමට රාජිත සේනාරත්න අමාත්‍යවරයා සංචාරයක නිරත විය.
ඡායාරූප / මිතිලායා ගමගේ