මීගමුව රෝහලේ ප්‍රශ්ණය නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ චැනල් සේවාව අර්බුදයකලු?

0
73

මීගමුව රෝහලේ මතුව ඇති ගොඩනැගිලි අර්බුදය නිසා රෝගින් භාරගැනිමේ කටයුත්ත මේ වන විට අවට පිහිටි රෝහල් වෙත යොමු කරමින් තිබේ.
මේ නිසා දැන් අර්බුදයට ගොස් ඇත්තේ මෙහි සේවය ලබමින් සිටි රෝගින් පමණක් නොව මීගමුව රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ද අර්බුදයකට ගොස් සිටින බව වාර්ථා වේ.
ඒ ඔවුන් මෙතෙක් කල් පවත්වාගෙන ගිය පුද්ගලික වැනල් සේවාව මේ දිනවල ක්‍රියාත්මක කරගන්නට නොහැකි තත්වයක් මතුවෙමින් තිබිම හේතුකොටගෙනය.
මීගමු රෝහලට නේවාසිකව ප්‍රතිකාර ලබන්නට පැමිණෙන රෝගින් එයට ඇතුළුවිමේ මාර්ගය ලෙසින් පවත්වාගෙන ගියේ මුලින්ම අදාල විශේෂඥ වෛද්‍යවරයා හමුවි ඒ මගින් ඔහුගේ වාට්ටුවට ඇතුළු විමයි.
එහෙත් දැන් වාට්ටුවල ඇති  තදබදය නිසා එවැනි රෝගින් වෙනත් රෝහල් වලට නේවාසික ප්‍රතිකාර සදහා යොමුකෙරෙමින් තිබේ.
මේ නිසා මෙතෙක් මීගමුවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවිමට පැමිණි රෝගින් දැන් රාගම හෝ වෙනත් රෝහල් වල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් හමුවන්නට පටන්ගෙන තිබිම නිසා මීගමුවේ විශේෂඥ වෛද්‍යවරුන් ගේ චැනල් සේවාව අර්බුදයකට ගමන් කරමින් ඇති බැව් රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග දක්වා සිටි.?????

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here