මීගමුව රෝහල තුල දැනට වසර ගණනාවක සිට ක්‍රියාත්මක වු පෝෂණවේදි සායනයේ සේවාව කිසියම් කඩාකප්පල්කාරි ක්‍රියාවක් හේතුවෙන් එහි සේවය ලැබු ජනයාට අහිමිව යාමේ තත්වයක් උදාවි ඇතැයි වාර්ථා වේ.
කලක් තිස්සේ සාර්ථකව ක්‍රියාත්මක වු මෙම සායනයට ලබා දි තිබුන ඉඩ කඩ පසුගිය දිනක තාවකාලිකව රුධිර පාලවිලනය විශේෂඥ වෛද්‍යවරියගේ අවශ්යාතාවයක් සදහා ලබා දි තිබුණද දැන් එය යළිත් පෝෂණවේදි සායනය පවත්වාගෙන යෑමට ලබා නොදෙන තත්වයක් මතුව තිබේ.
මේ නිසාම දැනට සති කිපයක් තිස්සේ මෙම සායනය පවත්වා ගැනිමටද නොහැකිව තිබේ.
මේ කුමන්ත්‍රණ පිටුපස විශේෂ අඥයන් පිරිසක්ද සිටින බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.