මීගමුව රෝහලේ මල අපවහන පද්ධතිය අක්‍රියයි.දුගඳ පැතිරෙයි.

0
86

මීගමුව රෝහලේ නඩත්තුව සම්බන්ධයෙන් ගැටළු ගණනාවක්ම අප පසුගිය කාලය තුල මතු කළෙමු.ඒ රෝහල් භූමිය නිසි ලෙසින් පිරිසිදු නොකිරිම නිසා ඩෙංගු මදුරුවන් බෝවෙන තත්වයක් පවා ඇතිව තිබිම ගැනය.
.මෙහි ප්‍රථිපල ලෙසින් වෛද්‍යවරයෙකු පවා ඩෙංගු රෝගයට ගොදුරු වි තිබුණි.ඉන්පසුව වාර්ථා වුයේ රෝහලේ මලඅපවහන  බැහැර කිරිමේ කටයුතු සදහා ගිය මීගමු නගර සභා සේවකයෙකු හට රෝහල් භූමිය තුලදි  ඉවත ලු එන්නත් කටුයවක් ඇනිම පිලිබදවය.
රෝහලේ දුර්වල නඩත්තු තත්වයේ මෙවර ප්‍රථිපලය ලෙසින් වාර්ථා වන්නේ රෝහලේ මල ුඅපවහන පද්ධතිය අක්‍රියවිම පිළිබදවය.මේ හේතුකොට ගෙන විශේෂයෙන්ම ළමා වාට්ටුව පිහිටා ඇති පරිශ්‍රයේ ඉවසිය නොහැකි දුර්ගන්ධයක් පැතිර යමින් ඇතැයි වාර්ථා වේ.