මීගමුව රෝහලේ මෘතශරිරාගාරයේ ශිතකරණ කැඩිලා…

0
145

මීගමුව රෝහලේ මෘතශරිරාගාරයේ ශීතකරණ ක්‍රියාවිරහිතව දැනට මාස ගණනකි. එහෙත් ඒවා පිළිසකර කොට දැනට මතුව ඇති තත්වයට විසදුම් සෙවිමට කිසිදු බලධාරියෙකු මේ වන තුරුත් පියවර ගෙන නැත.

මේ හේතුකොටගෙන ඇතැම් මෘතශරීර රාගම රෝහලේ මෘතශරීරාගාරයේ තබා නැවත මීගමුව රෝහලට ගෙනවිත් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුකරන්නට විම බරපතල ප්‍රශ්ණයක් වි තිබේ.

මේ සම්බන්ධයෙන් මීපුරට අදහස් දැක්වු පොලිස් සැරයන්වරයෙකු පවසා සිටියේ විශේෂයෙන්ම රාගම රෝහලට මෘතශරීරයක් ගෙනයාමට සහ ගෙනඒමට විශාල වියදමක් දැරිමට විමෙන් දිළිදු පවුල් මහත් අසරණ තත්වයට පත්ව ඇතැයි හේ ප්‍රකාශ කර සිටියේය.