මීගමුව රෝහලේ වකුගඩු ප්‍රතිකාර අංශය වැඩ අරඹා දින 13යි. රෝගීන් 20 කට සහනය.

0
547

IMG-20191030-WA0057IMG-20191030-WA0058මීගමුව රෝහලේ ඉකුත් 17 දා ආරම්භ කළ වකුගඩු රෝගීන් සඳහාවූ ප්‍රතිකාර කරන අශය ලේ පිරිසිදු කරන යන්ත්‍ර 6 ක් මගින් රෝගීන් 20 කට ප්‍රතිකාර කිරීමට හැකියාව ලබා ඇත .
දිනකට රෝගීන් 4 ක් හෝ 5 ක් සමහරවිට 6ක් සඳහා ප්‍රතිකාර කරන මෙම කටයුත්ත නිසා මහජනතාවගේ විශාල මුදල් ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමට හැකි බව පෙනේ.
පුද්ගලිකව මෙම ලේ පිරසිදු කරනය කළහොත් රු. 8000/ ක පමණ මුදලක් වැයවන බව අපි මීට පෙරද අසා දැන ගත්තෙමු . ඒඅනුව මේවනවිට (20 දනෙකුට ප්‍රතිකාර කළ බැවින් ) රු. 1,65000/ක ඉතිරියකි.
මෙවන් තත්වයක් යටතේ ජනතාවට උපරිම සහනයක් ලැබිය හැකියාවක් ඇත . නමුත් මෙය නඩත්තු කරගෙන යාම පිළිබඳව ප්‍රශ්ණ කිහිපයක්ද පවතින බව පෙනේ .
දැනට අැත්තේ එක් වෛද්‍ය වරයෙකි .තවත් වෛද්‍ය වරයෙකු පුහුණුව ලබමින් සිටින බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

කාර්‍යමණ්ඩලය පවසන්නේ මෙම යන්ත්‍ර සඳහා මල්ටි පැරා මොනිටර් 3ක අවශ්‍යතාවයක් තිබෙන බවත් , මේවා දල වශයෙන් එකක් රු.2,85000/ ක් පමණ වන බවත්ය . හැකියාවක් ඇති ධානපතියකු සිටීනම් මේ සඳහා දායක වන මෙන් අප ඉල්ලා සිටිමු .
අනෙක් සංවේදී කාරණය වන්නේ මරණය දෙස බලා ගෙන මෙසේ ප්‍රතිකාර ගන්නා මෙම රෝගීන්ට තේකක් , බනිස් ගෙඩියක් දියහැකි කිසිවෙකු සිටීනම් එයද මහඟු සමාජ මෙහෙවරක් වන බවයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here