මීගමුව රෝහලේ ”වන්මෑන් ෂෝ” එකක් නිසා මළඅපවහන පද්ධතියත් අවුල් වෙලා.

0
83

NGB hospitalමීගමුව රෝහලේ ගොඩනැගිලි අර්බුදයට විසදුම් ලෙසින් දැනට යකඩවලින් ඉදිකරන්නට පටන්ගෙන ඇති ගොඩනැගිලි ඉදිකිරිමේදි ජල නල සහ මළ අපවහන පද්ධතිය ඇතැම් තැන් පුපුරා යාම රෝහලේ කාණු උතුරා යන්නට පටන්ගෙන ඇතැයි වාර්ථා වේ.
මේ හේතුව නිසා රෝහලේ මුළුතැන් ගෙය සුතිකාගාරය මෙන්ම තවත් අංශ ද බලවත් තර්ජනයකට ලක්ව ඇතැයි නම සදහන් කිරිමට අකමැති වු රෝහල් කාර්යමණ්ඩල සමාජිකයෙකු මීපුරට පැවසීය.
රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු එහෙම පිටින්ම ළමා විශේෂඥ වෛද්‍යවරයාගේ වන් මෑන් ෂෝ එකක් වි තිබිම නිසා අනෙකුත් වෛද්‍ය කාර්ය මණ්ඩලයද කිසිදු සාමුහික මැදිහත්විමකට මැළිකමක් දක්වති.