මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරිවරියට මරණ තර්ජන

0
60

dr.champa newමීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරි චම්පා අළුත්වීර මහත්මිය කපා කොටා මරා දමන බවට රෝහලේ ඉදිකිරිම් කටයුතු වල නිරතව සිටි රුවන් නැමති කොන්ත්‍රාත්කරුවෙකු විසින් තර්ජනය කර ඇතැයි වාර්ථා වේ.
රෝහලේ ගැබනි වාට්ටුව අසල වැසිකිලයක් ප්‍රතිසංස්කරණය කිරිම මේ කොන්ත්‍රාත්කරුවෙකු වෙත පැවරි තිබුණ වගකිමයි.
ඔහු විසින් මේ කටයුත්ත නිසි ප්‍රමිතියකට සිදුකර තිබුනේ ද නැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් මතුව තිබු ගැටළු අරභයා වෛද්‍ය අධිකාරිතුමියට ප්‍රසිද්ධියේ පැවසිමට පවා නොහැකි අන්දමේ අසික්කිත වචන වලින් බැන වැදි ඇති මේ තැනැත්තා පිළිබදව මීගමුව පොලිසියේ පැමිණිල්ලක්ද වෛද්‍ය චම්පා අළුත්විර මහත්මිය විසින් සිදුකර ඇත.
මේ බරපතල මරණිය තර්ජනයට එරෙහිව අද මීගමුව රෝහලේ සමස්ථ කාර්ය මණ්ඩලයම එකාවන්ව විරෝධතාවයක් පැවැත්විමට සුදානමින් සිටියද මේ හේතුවෙන් අසරණ රෝගින් හට ඇතිවිය හැකි අපහසුතා සැලකිල්ලට ගෙන එසේ නොකරන්නට තින්දු කළ බව වෛද්‍යවරුන් මාධ්‍යෙව්දින් හමුවේ පවසා සිටියහ.
කෙසේ වෙතත් රෝහලේ ප්‍රධානියා වෙත එල්ලව ඇති මේ මරණ තර්ජන හමුවේ ඒ සියළු දෙනා ආරක්ෂාකරන්නට මීගමුවේ සාමය හා ක්‍රමවත්බව ස්ථාපිත කරන්නට බැදි සිටින ආයතන මෙන්ම සමස්ථ සමාජයද කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව ව්‍යෛකාර්ය මණ්ඩලය එකාවන්ව යළිත් අවධාරණය කර සිටියහ.
කෙසේ වෙතත් කාටත් විශ්මය දනවමින් මේසා බරපතල චෝදනා රැසකට මුල් ව ඇති  මේ කොන්ත්‍රාත්කරුවෙත පොලිසිය විසින් අධිකරණය මගින් ඇප ලබා දි ඇත..වාර්ථා වන අන්දමට මේ කොන්ත්‍රාත්කරු මීගමුවේ ප්‍රබල දේශපාලන පවුලක සමිපතයෙක් බවද සැලය