මීගමුව රෝහලේ 12 වාට්ටුවේ ඉන්න ජාතිවාදින් කව්ද ?

0
220

NGB hospitalමීගමුව යනු දේදුණු නගරයකි.
සියලු ජාතින් සියළු ආගම් සාමයෙන් සමගියෙන් දශක ගණනාවක් පුරාවට  ජිවත් වෙති.
වරින් වර මේ සමගිය කඩාබිද දමන්නට විවිධ උත්සාහයන් ගත් ඇතැම් ජාතිවාදි නඩ කිපයක්ම විය.
එහෙත් දේදුණු නගරයේ සාමය බිඳින්නට ඒ නඩ වලට නොහැකි විය.
එහෙත් තවදුරටත් ජාතිවාදි ලෙසින් කටයුතු කරන ඇතැමුන් ගැන වාර්තා වේ ‘
මේ අලුත්ම සිදුවිම අපට වාර්තා වන්නේ මිගමුව රෝහලේ 12 වාට්ටුවෙනි.
දරු ප්‍රසුතිය සදහා පැමිණෙන ඇතැම් මුස්ලිම් ගැබිණි මව්වරුන්ට හිත් රිදෙන ආකාරයෙන් කටයුතු කරන ඇතැම් කාර්ය මණ්ඩල සමාජිකයන් ගැන මිපුරට දැනටමත් වාර්තා වි තිබේ.
ජනමාධ්‍ය ක්⁣ෂෙත්‍රයටද සම්බන්ධ මුස්ලිම් පියෙකු කියන්නට යෙදුන කරුණු ගැන පැහැදිලිවම රෝහල් බලධාරින් විසින් බරපතල අවධානයක් යොමුකළ යුතුය. සිය දියණිය දරු ප්‍රසුතිය සදහා ඇතුලත්ව සිටියදි තම දියණියට වරින් වර මුහුණදිමට සිදුව ඇති ජාතිවාදි ආකාරයේ සිත්රිදවිම් ගැන සැබැවින්ම තමන් දැඩිකළ කිරිමකට පත්ව සිටින බව ඒ මාධ්‍යවේදි සගයා අප සමගින් කියා සිටියේය.
ඒ වාට්ටුවේදි ඉතා පැහැදිලි ලෙසින් අසමානව සලකන ආකාරය උදාහරණ කිපයක්ම අප සමගින් කියා සිටියේය.
තම නිලයට පවා නොගැලපෙන අයෙකුට පවා මේ චෝදනා එල්ලවි පවති.
ආ තවත් පාතිමා කෙනෙක් යැයි මේ තැනැත්තා විසින් පවසා ඇතැයි ද සැලය.
තම දිවුරුමට පවා නොගැලපෙන සේ රඟන ඇතැමුන් ගැන නව අධ්‍යක්ෂකවරයා සිය අවධානය වහා යොමුකරනු ඇතැයි අප සිතමු.
මෙය ඔහුටද සැබැවින්ම ලිට්මස් ටෙස්ට් එකකි.
තවත් එක් කරුණක් මෙහිලා සදහන් කළ යුතුමය.
එනම් අපහසයන් වින්ද ගැබිණි කතගේ පියා යනු 2017 දි ඩෙංගු වසංගත තත්වයකට මිගමුව පත්ව තිබියදි මිගමුව  රෝහල එයට මුහුණ දිමට තරම් පහසුකම් වලින් සම්පුර්ණ නොවි තිබියදි , විශේෂයෙන්ම රෝහලේ 4 වෙනි වාට්ටුවේ අධික රස්නය යම් පමණකට හෝ පාලනය කිරිම සදහා අවැසි විදුලි පංකා රැසක් සවි කරදිමේ කටයුත්ත සම්බන්ධිකරණයට මුල්වු තැනැත්තාය.
එපමණක් නොව කොරෝනා අර්බුදය මැද එක් දිනක් රෝහලේ දැඩිසත්කාර ඒකකයකට අවැසි ප්ලාස්ටික උපකරණ රැසක් සපයා ගැනිමට අවැසිව තිබියදි එයට මුල්වු තැනැත්තා වන්නේ ද මෙසේ 12 වාට්ටුවේදි විවිධ අපහස විම් වලින් සිත රිදුන ගැබිණි කතගේ පියාය.
මෙසේ 12 වාට්ටුවේ ඇතැම් ජාතිවාදි  තැනැන්න්ගේ අපහසයට ලක්වු ගැබණි කතගේ පියා අප මිත්‍ර මාධ්‍යවේදියා විසින් කියන්නට යෙදුන තත්වයන් පාලනය කිරිමට රෝහල් බළධාරින් වහා පියවර ගත යුතුය.
සැබැවින්ම අප දැන් බලා සිටින්නේ මිගමුව රෝහලේ නව අධ්‍යක්ෂකවරයා විසින් ජාතිවාදිය රෝහල තුල පතුරන මේ තැනැත්තන් ගැන ගන්නා ක්‍රියාමාර්ගය ගැනය.