මීගමුව රෝහලේ STD එකට රෝගියෙකුගේ පුද්ගලිකත්වය ගැන සහතික විය හැකිද?

0
92

මීගමුව රෝහලේ  අලුත් පාලනය බොහෝ අඩුපාඩුකම් හා බාධක මැද සිදුකරගෙන යන බව කවුරුත් දන්නා සත්‍යයකි. මේ අතර සියල්ලෝම තමන්ගේ සේවය  උපරිමයෙන් ලබාදීමට සූදානමින් සිටින බව ද  අගය කළ යුතුය. රෝහලේ ශල්‍යකර්ම සේවාව සහ තවත්  ප්‍රධාන සේවාවන් බාහිරින් සිදුකරගන්නා අතර  එක්ස්රේ යන්ත්‍රය සවිකිරීමට ද තවමත් ස්ථානයක් ලැබී නොමැත. මේ අතර  එහි ප්‍රධාන රසායනාගාරය දැන් පවත්වාගෙන යන්නේ මීගමුව රෝහලේ පැරණි ගොඩනැගිල්ලේ ලිංගාශ්‍රිත ඒකකය (STD) තිබූ අංශයේ එක් කොටසකය.
මේ හේතුවෙන් මතුවී ඇති අලුත් තත්ත්වය වන්නේ ලිංග්‍රාශිත ඒකකයේ  පෙර පැවති ආරක්ෂිත මෙන්ම ඊට සුදුසු වූ වාතාවරණය වෙනස්වීමයි.   සාමාන්‍යයෙන්  ලිංග්‍රාශිත ඒකකයට පැමිණෙන රෝගියෙකු  ප්‍රතිකාර සදහා හෝ උපදෙස් සදහා පැමිණෙන්නේ තමන්ගේ පුද්ගලිකත්වය හෝ අනන්‍යතාවය පිළිබදව සුරක්ෂිතභාවයක් බලාපොරොත්තුවෙනි. මේ වනවිට මේ තත්ත්වයේ වෙනසක් සිදුවී ඇති බව වාර්තා වන අතර යොමුවන රෝගීන්ගේද අඩුවක් ඇති බවත් වාර්තා වේ.  රසායනාගාරය පවත්වාගෙන යාම ගැටළුවක් නොවුණත් ඒ මගින් ඒ පරිසරයේ ඇතිවී ඇති කලබලකාරීකම ලිංගාශ්‍රිත ඒකකයේ සේවාවන් සිදුකරගැනිමට මහත් බාධාවක්වී තිබෙන බව කණගාටුවට කරුණකි. කෙසේ හෝ ඉදිරියේදී මෙවැනි ප්‍රශ්න වලට යම් විසදුමක් ලබාදීමට රෝහල් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here