මීගමුව රෝහල අසල නීති විරෝධී රථගාල්

0
74

මීගමුව රෝහලට පැමිණෙන ජනතාවගේ ත්‍රීවීල් , යතුරුපැදි ,පාපැදි මගීන්ට අවහිර වනසේ ගාල් කරන බව මගී ජනතාව පවසති.
ඊට අදාල එක් ස්ථානයක් වන්නේ මාරිස්ටෙලා විදුහල වටා ඇති තාප්පයයි. මීගමුව පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ගජනායක මහතා ප්‍රකාශ කළේ මෙම ස්ථානයේ දැන්වීමක් දමා තිබුනද එය නොතකා හැර යතුරු පැදි නවත්වන බවයි. එමෙන්ම මෙම ස්ථානයේ යතුරුපැදි ආදිය අතුරු දහන් වනබවත් ඔහු පැවසීය.
රෝහල ඉදිරිපිට ඇති අවසර පතක් නිකුත්කර පවත්වාගෙන යනු ලබන යතුරුපැදි නවත්වන ස්ථානයද ල ත්‍රී විල් පාක් එකද නීතිවිරෝධීබව පොලීසිය සඳහන් කරයි. නමුත් නීතිය අභිබවන දේශපාලන අධීකාරිය මේ කිසිවක් සැළකිල්ලට නොගෙන ක්‍රියාත්මක වන බව ඉතා පැහැදිළිය.DSC_0003new