මීගමුව රෝහල ඉදිරිපිට අවිධිමත් ලෙසින් පදිකයන් මාරුවන්නට පටන්ගෙන ඇත්තේ එහි ඇති මරු කපොලු කිපයක් හේතුවෙනි.
මේ කපොලු හරහා අවිධිමත් ලෙසින් පදිකයන් කලබලයෙන් මාරුවිම හේතුවෙන් අද උදෑසන වයෝවෘද්ධ මවක් වෑන් රියක ගැටි එම ස්ථානයේදිම මිය ගොස් ඇත.මතුව ඇති මේ අනාරක්ෂිත තත්වය ඉක්මනින් පාලනය කිරිමට අදාල බලධාරින් පියවර නොගන්නේ නම් තවත් කණගාටුදායක තත්වයන් ඇතිවිම වැලැක්විය නොහැකි වන බව පමණක් මෙහිලා සටහන් කරනු කැමැත්තෙමු.