මීගමුව රෝහල ඉදිරිපිට වැරදි කහ ඉර කාගේ ඉල්ලිමක්ද ?

0
551
දැනට ක්‍රියාත්මක අවධානම් සහිත කහඉර
දැනට වසා දමා ඇති ඉක්මනින් සක්‍රිය කළ යුතු නිවරදි කහඉර
දැනට වසා දමා ඇති ඉක්මනින් සක්‍රිය කළ යුතු නිවරදි කහඉර

 

දැනට ක්‍රියාත්මක අවධානම් සහිත කහඉර
දැනට ක්‍රියාත්මක අවධානම් සහිත කහඉර

මීගමුව රෝහල ඉදිරිපිට දැන් කහඉරි දෙකකි.දැනට ක්‍රියාත්මක රෝහල් ප්‍රධාන පිවිසුම් ගේට්ටුව ඉදිරිපිට ඇති කහ ඉර ඇද තිබෙන්නේ දැනට වසරකට පමණ ඉහත සිටය.
කෙසේ වෙතත් ඒ අවට බොහෝ දෙනෙකු පවසන්නේ දැනට ක්‍රියාත්මක කහ ඉර වඩාත් අවදානම් බවය.
එයට හේතු ලෙසින් ඔවුන් පවසන්නේ කොළඹ දෙස සිට පැමිනෙන වාහන U වංගුවක් ගනු ගනුලබන්නේද මේ කහ ඉර මතින්ම බවය.
නම සදහන් කිරිමට ඇකමැති රෝහල් සේවකයන් පිරිසක් පවසා සිටියේ දැනට ක්‍රියාත්මක කහ ඉර ඇතැම් වෛද්‍යවරුන්ගේ ඉල්ලිමක් බවය.
මේ නිසා වඩාත් අවධානම් බව පවසන මේ සියල්ලන්ගේ අදහස වන්නේ කලින් පැවැති දැනට බාගෙට වසා දමා ඇති කහඉර නැවැත ක්‍රියාත්මක කිරිම ඉක්මනින් කළ යුතු බවය.
මේ සම්බන්ධයෙන් මීගමුවේ මාධ්‍යවේදින් පිරිසක් මීගමුව රථවාහන මුලස්ථාන ප්‍රධාන නිළධාරියාගෙන් දැනටමත් විශේෂ සාකච්ජාවක් ඉල්ලා ඇත.කෙසේ වෙතත් මීගමුව තුල දැනටමත් මතුව ඇති මෙවැනි ප්‍රබල රථවාහන ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විධිමත් සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට මීගමුව රථවාහන පොලිස් බලධාරින් අසමත්ව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here