මීගමුව රෝහල කඩාවැටිමේ අවධානමක් ?

0
89

NGB hos 1මීගමුව රෝහල අවධානම් තත්වයක පවතින බව දැනට වසර ගණනක සිට කථා බහට ලක්වෙන්නට පටන්ගෙන තිබුණි.මාධ්‍ය මගින්ද මෙහි ඇති අනතුරුදායක තත්වය සහ කිනම් හෝ මොහොතක එළඹිය හැකි අවාසනාවන්ත තත්වයක් ගැන ඉගිකෙරිණි.
මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ලේ තැනින් තැන එරිතලා ගොස් ඇති අතර පසුගිය කාලය තුල මේ ඉරිතැලිම් අතර ඇති හිදැස තවදුරටත් පළල්ව ඇති බවට රෝහල් සේවකයෝ නිරික්ෂණය කර තිබේ.
මේ ඇතම් තට්ටුවල ඇති වැසිකිලවල වල වතුර පහල ඇති වාට්ටු මතට කාන්දු වන තත්වයක් ඇති නිසා ඒවායේ විදුලිපංකා ක්‍රියාත්මක කිරිමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ.
විශේෂයෙන්ම මේ දිනවල ඇති අධික රස්නය නිසා රෝගිහු මහත් අපසුතාවකට මුහුණ පා සිටිති.
මේ ගොඩනැගිල්ලේ ප්‍රමිතිය පිළිබදව විධිමත් පරික්ෂණයක් සිදුකොට එහි ඇති අවධානම් තත්වයක ගැන විද්‍යාත්මක විමර්ශනයක් කරන්නට යැයි අදාල බලධාරින් වෙත දන්වා තිබුණද මේ වනතුරුත් ඒ සදහා කිසිදු ප්‍රතිචාරයක් ලැබි නැත.
ගම්පහ රෝහල ඉදිකෙරුනේද මෙයට සමගාමිව වන අතර එහි වු ඇතැම් අවධානම් තත්වයන්ට මේ වන විට සාර්ථකව ප්‍රතිකර්ම සිදුකොට ඇතිවිය හැකි අනතුරු දායක තත්වය මගහැරගන්නට අදාල බලධාරින් සමත් ව ඇත.
මීගමුව අරඹයා කඩිනමින් මැදිහත්විම් සිදුනොකරන්නේ නම් ඇතිවිය හැකි දැවැන්ත බේදවාචයක උරුමකරුවන් පමණක් වන්නට මීගමුවේ ජනයාට සිදුවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here