මීගමුව රෝහල පිළිසකර කරන්නට ලංසා , ලක්කුමාර සුසංයෝගයට යළිත් මිලියන 500 ක්

0
67

7මීගමුව රෝහලේ ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර යනු රාජපක්ෂ පරපුරේ දැඩි හිතේෂිවන්තයෙකි.ඩෙංගු රෝගය පාලනය කිරිම පිළිබදව ලංකාවෙන් තායිලන්තයට ගිය වෛද්‍යවරුන් පිරිස අතර ඔහුද එක් අයෙකි.
ඉන් අනතුරුව ඔහු ලංකාවට පැමිණ මීගමුව රෝහල තුල ඩෙංගු වාට්ටුවක් ස්ථාපිත කලේය. ඇත්තටම සිදුවුයේ පැරණි වාට්ටුවක් පිළිසකර කොට අතිසුඛෝපහෝගි පහසුකම් වලින් සමන්විතව රෝගින් 14 දෙනෙකු හට පමණක් ප්‍රතිකාර කිරිමට ඇදන් ඇති ඩෙංගු වාට්ටුවක් ලෙසින් රජපක්ෂලා පැමිණ එය විවෘත කිරිමය.
මෙහි මුදල් කළමණාකරණය ඇතුළුව ඉදිකිරිම භාරව කටයුතු කර තිබුනේ බස්නාහිර පලාත් අමාත්‍ය නිමල් ලංසා විසිනි.
ඇදන් 14 කින් සමන්විත මේ වාට්ටුව සදහා වැය කර තිබු මුදල රුපියල් ලක්ෂ 550 කි.
මීගමුව රෝහලේ ඇති පදමට විසදාලිය යුතු අත්‍යවශ්‍ය දැ කොතෙකුත් තිබියදි ලක්කුමාර ලංසා සුසංයෝගය එක්ව ලක්ෂ 550 ක් වැය කලේ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර වෙනුවෙන් පමණි.
(මෙම ඩෙංගු වාට්ටුව නිසා ඩෙංගු රෝගින්ටත් මීගමුවටත් රටටත් අත්වු ප්‍රයෝජන ගැන කථා කිරිම මේ ලිපියේ අරමුණ නොවේ.)
2015 ජුනි 11 වනදා සවස් වරුවේ මීගමුව රෝහලට පැමිණි සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්ත මීගමුව රෝහලේ ප්‍රතිසංස්කරණය කටයුතු භාරව කටයුතු කරන්නට යැයි කිවේද මීට පෙර ලක්ෂ 550 හිතුවක්කාර ලෙසින් වැය කර තිබුන ඇමති ලංසාට සහ ලක්කුමාර හටය.
මීගමුව රෝහල තුල ලක්කුමාර සාධකය මෙතරම් ප්‍රබල වන්නේ ඇයි ?
මීගමුවේ තවත් දේශපාලකයන් සිටිද්දි ඇමති රාජිතට ලංසා පමණක් මතක් වන්නේ ඔහුගේ ජන්මාන්තර දේශපාලන විරුද්ධවාදියා වු සරත් ගුණරත්නගෙන් පළිගන්නටද ?
කෙසේ වෙතත් මීගමුව රෝහල රැකගැනිම වෙනුවෙන් මේ වන විටත් රෝහල් කාර්ය මණ්ඩලය පමණක් නොව ඉන් පරිබාහිරවද විවිධ කණ්ඩායම් ඒකාබද්ධ වි පොදු වැඩපිළිවෙලක් ගොඩනගමින් සිටින බව සෞඛ්‍ය ඇමතිවරයා කිසිවක් දන්නේ නැතිවා සේය.
එහෙත් අප අවධාරණය කළ යුතු කරුණ වන්නේ  රාජිත ඇමතිවරයා මේ දෙන්නට යන්නේ පසුගිය රජය සමයේ ඔහු විසින් හම්බ කරගත්තා යැයි කියන ධනස්කන්ධයෙන් කොටසක් නොව මහජනයාගේ මුදල් බව අමතක නොකළ යුතුය,
යහපාලනය යනු ඇමතිවරයෙකුට හිතුවක්කාර ලෙස කටයුතු කරන්නට ඉඩ දි බලාසිටිම නොවේ.
එබැවින් මීගමුව රෝහල වෙත වෙන්කර දෙනවා යැයි කියන මිලියන 500 වැය කළ යුත්තේ විනිවිදභාවයකින් යුතුව සැමදෙනාගේ සාමුහික තිරණ මතය.
එලෙස නොවි කලික් ලක්ෂ 550 ක් හිතුමතේ වැය කරගත් ලංසා ලක්කුමාර සුසංයෝගයට ඕනැ දේ කිරිමට ඉඩදිම සදහා නොවිය යුතුය.ඇමති රාජිතගේ පුද්ගලික කොන්තර පිරිමසා ගැනිම සදහා මීගමුවේ සහ අවට ජනයා යළිත් බිල්ලට දිමට මීගමුවේ බුද්ධිමත ජනයා සුදානම් නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here