කොළඹ පාරේ, මීගමුව තෙල්වත්ත හන්දියට ආසන්නව , ප්‍රධාන මාර්ගය සමීපයේම විවෘතව ඇති ලාෆ් සුපර්මාර්කට් ආයතනයට පිවිසෙන ස්ථානයේ මේ වන විට විශාල වලක් සෑදී ඇත. ප්‍රධාන පාරත්, ලාෆ් සුපර්මාර්කට් ආයතන සිමාවත් අතර වු මහා මාර්ගයේම කොටසක මෙලෙස කාලයක සිට මෙම අනතුරුදායක වල සෑදී තිබේ.
මෙම ලාෆ් සුපර්මාර්කට් ආයතනය දවසේ 24 පැයම විවෘත සුපිරි වෙළඳ සැලකි. ඒ නිසාම උදේ දහවල් මෙන්ම රාත්‍රි කාලයේදීද මෙම සුපිරි වෙළඳසැලට සැලකිය යුතු වැඩි පාරිභෝගිකයින් පිරිසක් සිය යතුරුපැදි වලින් සහ විවිධ වු රථ වාහනවලින් පැමිණෙන ආකාරයද දැක ගත හැකිය. එමෙන්ම කොළඹ සිට හලාවත දෙසට ධාවනය වන රථවාහන ද දිනපතාම මහා මාර්ගයේ මෙම අන්තයෙන් ධාවනය වන ආකාරයද දැක ගත හැකිය.


එහෙයින් මේ මාර්ගයෙන් ගමන් ගන්නා යතුරුපැදි ඇතුළු වාහන පදවන රියදුරන්ද එලෙසම ලාෆ් සුපර් මාර්කට් ආයතනයට පැමිණෙන යතුරුපැදි ඇතුළු වෙනත් රථ වාහන පදවන පාරිභෝගිකන්ද වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම අනතුරුදායක වල වසා දමා එම මාර්ග කොටස නිසි ලෙස පිළිසකර කර දෙන ලෙසයි. ප්‍රධාන මාර්ගයේ සියලු ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු සිදු කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය විසිනි.

එනිසා මෙම පුවත මාර්ග සංවර්ධන අධිකාරියේ මීගමුව කාරයාලයේ වගකිවයුතු නිලධාරීන්ගේ අවධානය පිණිස යොමු කර සිටිමු.