මීගමුව, ලුවිස් පෙදෙසටත්, සමූපාකාර ග්‍රාමීය බැංකුවක්!.

0
157

 

( 1.00 pm  ) සීමාසහිත මීගමුව නව විවිධ සේවා සමුපකාර  සමිතියේ  මීගමුව, ලුවිස් පෙදෙසේ පිහිටි සමූපාකාර ග්‍රාමීය බැංකුව, එම සමූපාකාර සමිතියටම අයත් ගොඩනැගිල්ලකදී අද ( 2025/01/29) පෙරවරුවේදී විවෘත විය.  මීගමුව , ,ලුවිස් පෙදෙසේ, අංක 61 දරණ ස්ථානයේදී විවෘත වූ මෙම සමූපාකාර ග්‍රාමීය බැංකුව නව තාක්ෂණික අංගවලින් සමන්විතව  නවීකරණය වූ බැංකු ශාඛාවකි.IMG 20250129 WA01171IMG 20250129 WA0116IMG 20250129 WA0114

මෙම බැංකු ශාඛාව විවෘත කිරීමේ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූයේ බස්නාහිර පළාතේ සමූපාකාර සංවර්ධන කොමසාරිස් සහ සමුපකාර සමිති රෙජිස්ටාර් එම්.ඒ.පී. ජයකොඩි මහතායි. එලෙසම  මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය , බස්නාහිර පළාත්  සමූපාකාර සංවර්ධන සහකාර (සංවර්ධන) කොමසාරිස් බී.එස්.ජී. ගිම්හානි මහත්මිය සහ  බස්නාහිර පළාත් සමූපාකාර සංවර්ධන සහකාර ( විගණන) කොමසාරිස් බී.කේ. ඩබ්.ඩී. අබේරත්න මහතා ද එලෙසම මීගමුව, විවිධ සේවා සමුපාකාර සමිතියේ පාලක මන්ඩලයේ සභාපතිනි, එච්.එම්.සී.යූ සමරකෝන් මහත්මියද  මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වූහ.

IMG 20250129 WA01191IMG 20250129 WA01182IMG 20250129 WA01212IMG 20250129 WA01222ප්‍රධාන ආරාධිත අමුත්තන් අතින් බැංකු ශාඛාව විවෘත වීමෙන් පසුව කතෝලික ආගමික වතාවත් සිදු කරන ලදී. ඉන්  අනතුරුව නව බැංකු ශාඛාව මධ්‍යයේ කිරි ඉතිරවීමේ චාරිත්‍රය  සිදු කරන ලදි. ඉන්පසු ආරාධිත අමුත්තන්ගේ ප්‍රධානත්වයෙන් පහන් දැල්වීමේ චාරිත්‍රය සිදුවූ අතර විවෘත කිරීමේ උත්සවය සඳහා පැමිණ සිටි ආරාධිත අමුත්තන් රැස්ව සිටි පිරිස අමතා කෙටි දෙසුම් පැවැත්වූහ. ආරාධිත අමුත්තන් මෙන්ම සිමාසහිත මීගමුව නව විවිධ සේවා සමුපකාර සමිතියේ ගරු සාමාන්‍යාධිකාරී මංජුල ප්‍රදීප් මහතා ද උත්සව සභාව අමතන ලදී.

ඉන් පසුව උත්සවාකාරයෙන් විවෘත වූ මෙම බැංකු ශාඛාව තුළ පළමු ගනුදෙනුව ලෙස  ලුවිස් පෙදෙසේ වෙසෙන  එල්.ඩී. ප්‍රියන්ත සිල්වා මහතා විසින් ස්ථාවර ගිණුමක් ආරම්භ කළේය..

ලුවිස් පෙදෙසේ විවෘත වූ මෙම සමුපාකාර බැංකු ශාඛාව තුල ගනුදෙනු කිරීම සඳහා ගනුදෙනුකරුවන් රැසක් ද පැමිණ සිටිනු දක්නට ලැබුණි. එලෙසම සීමාසහිත මීගමුව නව විවිධ සේවා සමුපාකාර සමිතියේ කාර්යමණ්ඩල සාමාජිකයන් විශාල පිරිසක්ද , එමෙන්ම ප්‍රදේශවාසීන් රැසක්ද මෙම උත්සවයට සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here