එහෙත් කෙමෙන් කෙමෙන් රටතුල කොරෝනා බිය පහව යමින් තිබුන නිසාවෙන් ලෙල්ලම සුපුරුදු සාමාන්‍ය පිළිවෙතට ඉතා වේගයෙන්ම ගමන් කර තිබුණි.එහි වැඩිපුරම දකින්නට ලැබුනේ මුව ආවරණ නැති පිරිස්ය.මිටරයද අමතකව ගොස් තිබුණි.
එහෙත් දැන් යළිත් කොරෝනා බිය ලෙල්ලම කරාද පැමින තිබේ.
වෙනදා මුහුණු වල නොරැදුන මුව ආවරණ දැන් තිබේ.
ඇතම් පාරිභෝගිකයන් ලෙල්ලම් පරිශ්‍රය තුලට පැමිණ තිබුනේ හෙල්මට්ද දමාගෙනය.
පිටිපන දූව ලෙල්ලම පිහිටා ඇත්තේ දැනට මීගමුවේ අවධානම් කලාපයක් ලෙසින් සැලකිය යුතුව ඇති කලාපයක පිවිසුමේය.
ඊයේ දිනය වන විට තලාහේන පේරුව තුලින් හමුවි තිබුන ආසාධිතයන් ගණන 6 දක්වා ඉහල ගොස් තිබේ.
එබැවින් ඒ කලාපයට පිවිසෙන මුවවිටේ ඇති ලෙල්ලම් පරිශ්‍රය තුල උපරිම ලෙසින් සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කිරිමේ වගකිම එහි යන එන සියළු දෙනා වෙත පැවරි තිබේ.